''ගොදුරු"

>> Sunday, February 28, 2010
















''ගොදුරු"


ඔවුන් මුලින්ම පැමිණියේ
පුනරීන් වෙතය...
අපි ජය ඝෝෂා කළෙමු.
සක් බෙර වැයුවෙමු..
මන්දයත්
එහි අපි නොසිටි බැවිනි.
වෙන උන් එහි සිටි බැවිනි.
පසුව....
පරන්තන්ද
අලිමංකඩද
කිලිනොච්චියද
වේගයෙන් පසු කළ ඔවුහු
පුදුකුඩුඉරිප්පු වල සිට
නන්දිකඩාල් කලපුව දක්වාම
ජය සක් බෙර වැයීය....
මෙන්න හදිස්සියේම
ආපිට හැරුණු ඔවුන්
මාධ්‍ය ආයතන වෙතද
මාධ්‍යවේදීන් වෙතද
සිවිල් සංවිධාන වෙතද
ඉන් නොනැවතී
විරුද්ධ මතධාරීන් වෙතද
අවසන අප වෙතද
ඒ ජය සක් බෙර මැදින්ම
ඇදෙන්නට විය.....

''විටෙක ගොදුරැ ගිලින්න
තවත් විටෙක ගොදුරු වෙමින්ද
විටෙක ගොදුර
තවත් විටෙක ගොදුරු ගිලින්නා වෙමින්ද
හරි අපූරු ගමනකින්
අප කරා ඇදෙන්නට විය....
ඉතින්, ඔබට සුභ අනාගතයක්

-ගෙටෝවෙ එකෙක්

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP