''ගොදුරු"

>> Sunday, February 28, 2010
















''ගොදුරු"


ඔවුන් මුලින්ම පැමිණියේ
පුනරීන් වෙතය...
අපි ජය ඝෝෂා කළෙමු.
සක් බෙර වැයුවෙමු..
මන්දයත්
එහි අපි නොසිටි බැවිනි.
වෙන උන් එහි සිටි බැවිනි.
පසුව....
පරන්තන්ද
අලිමංකඩද
කිලිනොච්චියද
වේගයෙන් පසු කළ ඔවුහු
පුදුකුඩුඉරිප්පු වල සිට
නන්දිකඩාල් කලපුව දක්වාම
ජය සක් බෙර වැයීය....
මෙන්න හදිස්සියේම
ආපිට හැරුණු ඔවුන්
මාධ්‍ය ආයතන වෙතද
මාධ්‍යවේදීන් වෙතද
සිවිල් සංවිධාන වෙතද
ඉන් නොනැවතී
විරුද්ධ මතධාරීන් වෙතද
අවසන අප වෙතද
ඒ ජය සක් බෙර මැදින්ම
ඇදෙන්නට විය.....

''විටෙක ගොදුරැ ගිලින්න
තවත් විටෙක ගොදුරු වෙමින්ද
විටෙක ගොදුර
තවත් විටෙක ගොදුරු ගිලින්නා වෙමින්ද
හරි අපූරු ගමනකින්
අප කරා ඇදෙන්නට විය....
ඉතින්, ඔබට සුභ අනාගතයක්

-ගෙටෝවෙ එකෙක්

Read more...

මිනිසුන් උදේසා කලාවක් සොයා උඩුගං බලා පිහිනමුද....???





















දශක තුනකට අදික කාලයක් පැවති දමිල විමුක්ති අරගලය ලේයින්, යකඩින් හා සමුල නාශක අවි වලින් කුඩු පටිටමි කර විසි දහකට අදික දමිල කාඩර්වරැ ඝාතනය කොට ලක්ෂ තුනකට අදික සිවිල් වැසියන් නන්නත්රවු විට ලාංකිය ආකාස කුසුම ඇතුඑ මහා කලාකරැවන් රැළ යුද්ධයව අවසන් කල මහරජාගේ දෑත් ශක්තිමත් කරනු පිණිස වහා වහා විදි බට පහන් පත්තුකොට ලොකු ව්කාරයක් අගනුවර කෙලීය. තිස් වසක් පුරා පෑරැණු හිත් කලා මණ්ඩල නිසා හා කල හැකියැයි සිතු මෙ කල(හා)කරැවන් වහා වහා යාපනයට පා ගමන් ලක ලැහැස්ති කලහ. ඇදිවත පමණක් ඇතිව මල් වෙඩි සංදර්ශණ මැද්දේ ජිවිතය පරදුවට තියා ගැලවිම සොයා මෙපිටට ආ මිනිසුන්ට මෙ හදිසියේ කලා මණ්ඩල අහවල් දෙයකටදැයි සිතිනි. අනික දශක තුනක් තිස්සේ යුධබිය මැද වුවද දමිල කවිය පණ නොනැසි පැවතින. එකා පිට එකා මැරි වැටෙද්දිත් මනුෂත්වය, සාමය වෙනුවෙන් සෘජුව පෙනී සිටි මිනිසුන් වුහ. දකුණට මෙ කිසිවක් වැදගත් නොවිය. ඔවුන් වැඩ කලේ තමන්ගේ Project එක සාර්ථක කර ගැනිමටය. දැං ඒ හීන සියල්ල සඑල වන කාලයයි. ආකාස කුසුම, සෝමෙ, වීරසිංහ සියල්ලෝම ලැයිස්තුවෙන් ඇතුලේය. අනෙක් අයට වරආන වරප්‍රසාද දොලපිදෙනි දි ඇත. මෙ අපේ උත්තරිතර කලාකරැවන්ය. කලාව සමාජ භාවිතයක් ලෙස උපයෝගි කර ගත් නලාකරවන් දැං සිටින්නේ පරලොවය. අහුමුඑ වල ඉන්නා දෙතුන දෙනා නිහඩවම තමන්ගේ කාර්යයයේ නිරතව ඇත. කලාව තමුන්ගේ සුඛ විහරන වෙනුවෙන් භාවිතා කල උන් අපගේ කරැමයට තවමත් ජිවතුන් අතරය. කලා භාවිතයෙන් රසිකයන් වෙතින් දිනා ගත් තමන්ගේ තත්වය ඉවත ලා පර්සි වෙනුවෙන් කඩෙ යන්නට රසික අභිරැචිය පවා නිර්ලජ්ජිතව පවාදුන් මොවුන් කරන්න අන් දෙයක් නොමැතිව කලාව තෝරා ගත් අය යැයි දැන් හොදින් ම පැහැදිලිය.

කලා භාවිතයෙන් වෙනස් මිනිසුන් තැනිම අතැර කලාව තමන්ගේ ලාභය වෙනුවෙන් උපයෝගි කර ගන්නා යුගයක, ඉතිහාසය තමන්ගේ Projects වෙනුවෙන් විකෘති කර පෙන්වන යුගයක, පුඑල් තිර අතැර අපි මිනිසුන් අතර මිනිසුන් උදේසා කලාවක් සොයා උඩුගං බලා පිහිනමුද....???


කෙලෙහි ගුණ දත්
දනන් උගත්
පළවා හැර දෙවිදත්
එසවු සිහසුනට බඹදත්

ජයපැන් බොන දනට
විදිවල පිසෙයි කිරි බත
ගුණමකුවන් පෙනෙයි නෙතට
ඇද මකුණන් ලෙසට

ජාතිවාදි ගින්නෙන්
කදුඑ දිය නටයි ගොජ දමමින්
වක්කරයි එය යහන් මත
මියෙනු පිණිස ඇද මකුණන්

නිදා ගත හැකිය දැං සැනසිල්ලේ
හිසරදයට කොටිටය මාරැ කර ඇත්තේ
උතුරින් හැඩි දෙමඑන් දමනය කර ඇත්තේ
දකුණේ ගොඑ මුහුද සදහටම ගොඑ වුණාවෙ

(ගුණමකු - සාමිනාදන් විමල් - රාවය 18 පිට, 2010 පෙබරවාරි 21)

~අදත් පිටපත මහින්ද මාමගෙන්~

Read more...

ප්‍රගීත්ව උස්සන් ගිය හොරු

>> Wednesday, February 24, 2010





















අතිශය අමානුෂික අන්දමින් උතුරේ නැගිටිම පාගා දැමු දකුණේ දේෂප්‍රේමින් මෙ වන විට නන්නත්තාරව යන වන මං නොමැතිව එල්ලෙන්න වැල් සොයමින් ඉන්න සංක්‍රාන්ති සමයකි අප මෙ ගෙවමින් ඉන්නේ. නලින් ද සිල්වා වැන්නන් ජාතියේ පියා ලෙස වර නැගෙන මෙවන් යුගයක ඔහුගේ මතවාදි පුත්‍රරත්නයේ විකෘති කාම ආශාවන් පිළිබද ලෝකයාට නිරාවරනය කල ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන්ව අදට මසකි. ලෝකයෙන්ම වසන් වි සිටි KP කණින් ඇද රජුගේ සිරි පතුල ලග දණ ගැස්ස වු රහස් පොලිසියේ මහතුන්ට ප්‍රගීත්ව සොයා ගැන්මට බැරි නොහැකියාව නිසාද? පාලනය වන අදිසි හස්තයන් නිසාද??
ප්‍රගීත්ගේ අතුරැදහන් විම තවත් එක් සිද්ධියක් ලෙස සලකා ඔබට බැහැර කල හැකි වුවත් මෙය තවත් ඇරඹුමක සනිටුහනකි. සංවෙදි ඒකාධිපති පාලකයන් තමන්ට එරෙහිව යන්නන්ට කළගුණ සලකන ආකාරය ගැන පුංචි ඔත්තුවකි. සිරිමල් අත්අඩංගුවෙ බව නොදන්නා මහරජ ප්‍රගීත් ගැන දන්නවාදැයි අපි නොදනිමු. බොහෝ මාධ්‍යවෙදින් රටින් පිටවි සිටින කලක ඉතිරි උන් සොයා අහුමුඑ පීරමින් යන යුගයක, ලියන්නට පුඑවන් අය තමන් මත ස්වයං වාරණ පනවා ඇති යුගයක, අන්තර් ජාලයටත් ඔත්තුකරැවන් රිංගා ඇති මොහොතක නොබියව සත්‍ය වෙනුවෙන් පෙනි සිටි ප්‍රගීත්ව අද දවසේ අපට වැඩියෙන්ම අවශ්‍ය කර තිබේ. වරදාන වරප්‍රසායන්ට තම පෑන හසුරවන අබෙසුන්දරට වඩා ප්‍රගිත් අපට විරයෙකි. විරයන් සියල්ලෝම හිරබත් කෑමට සලස්වන යුගයක ප්‍රගිත් ගැන ලියා තැබුවෙ ඔහුගේ පෑන හැසුරැණේ අප වෙනුවෙන් නිසාය.

ප්‍රගීත්ගේ අතුරුදහන්විමෙ වගකිමෙන් කොටසක් ඔබටත් ඇති බව අමතක නොකරන්න.

පසුවදන

ඔබ කලාකරැවන් කියන්නේ ජැක්සන් ඇන්තනි වැනි අයට නමි අප එවැනි කලාකරැවන් නොවෙමු. ඔබ මාධ්යවෙදියෙක් කියන්නේ මහින්ද අබෙිසුන්දර වැනි අයට නමි අප එවැනි මාධ්යවෙදීන් නොවෙමු. ඔබ බිරිදක් කියන්නේ ගීතා කුමාරසිංහ වැනි අයට නමි බිරිදක් නැතිව සිටිනවා ඊට වඩා හොදය. ඔබ උගතෙක් කියන්නේ ආචාර්්ය මර්වින් සිල්වා වැනි අයට නමි අප පටිට මෝඩයන්ට ෙමි කරමු. ඔබ පාරට බැස සොයා ගත් නිදහස විරැද්ධවාදීන් සියල්ලෝම පරලොව යවන්නක් නමි අප ඔබව අත් හරින්නෙමි.
අවසන අර්ථයෙන් ඔබ ශ්‍රී ලාංකිකයෙක් යැයි කියන්නේ පර්සි වැනි අයට නමි අපට සිදු වෙවි අඑත් හැඩයක ලාංකිකයෙක් සොයා ගන්නට............................!!!!


(කරුණාකර අදහස් පල කිරිමට ඉඩ ලබා දෙන්න)


--අදත් පිටපත මහින්ද මාමාගෙන්

Read more...

සිදු කරන දේ හි ප්‍රතිඵල එලි දකිනු ඇත.





















අප බොහෝ දේ ගැන වසර ගණන් කතා කර ඇත්තෙමු. යම් යම් ක්‍රියාමාර්ගයන් ගෙන ඇත්තෙමු. එහි අවසානයේදී වී ඇත්තේ ඒ ක්‍රියාකාරකම් වල සිරකරුවන් බවට පත්වීමටය. කාන්තා නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන් එහි සිරකර්‍ුවන් බවට ද සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් එහි සිරකරුවන් බවට ද ආගම වෙනුවෙන් පෙනී සිටින්නන් එහි සිරකරුවන් බවට ද පත්ව අද මුළු රටේ සෑම කෙනෙක්ම සිරකරුවන් බවට පත්ව ඇත. ලොකුම සිරකරුවා හා සිර හිමියා බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරයාය. මේ සිරකාරිත්වයෙන් මිදීමේ උවමනාවක් ලංකාවට ඇත. නමුත් මා ලංකාව කියා මෙහිදී අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන තදින් සිතා බැලිය යුතු වේ. සිරකාරිත්වයේ හැගීම් සහ දැනීම් සියළු දෙනා අත් විදිමින් සිටින යුගයකි මෙය. මෙහි බිහිසුනු සෙවනැල්ල හෝ අවතාරය බවට පත් වූයේ ප්‍රභාකරන්ය. එල්ටීටීඊයේ අයියා ජවිපෙ ය. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම සිරකාරිත්ව සමාජයට ඇද දමනු ලැබුවේ මෝඩ දේශපාලඥයින් විසිනි. දැන් එම සිරකාරිත්වයේ ඵල බුක්ති වදින්නේ සමස්ථ රටමය. රටක් යනු සිර ගෙයක් නොවේ. මේ සිර මැදුරු කුඩු කරන්නට කාලය පැමිණ ඇත. නමුත් මෙය සිදු කරන්නේ කවුරුන් විසින් ද? හැම කෙනෙකුගේම සීමාවන් දම්වැලි වලින් මායිම් කර ඇත. ග්‍රාමීය සමාජවාදීයෝ පක්ෂය ආරක්ෂ කරගන්නට තැත් කරති, ලුම්පන් ධනපතියෝ මුදල් ආරක්ෂා කරගන්නට තැත් කරති. විහිළුකාර සාටකයෝ හීනමානය වසා ගැනීමට තැත් කරති. හැම කෙනෙකුම යම් සිර කුටියක සිරව ඇත. වැරද්ද ඇත්තේ මහින්දගේම වුව මහින්දගේම නොවේ. මේ පද්ධතියේය. ගොඩනගා ගන්නා ලද වයුහයන්ගේ සහ මොල කුහර වල ඇති ආකල්පයන් වලය. ඒවා නිර්මානය වන්නේ ද මෙහි සමාජයට , වෙළදපලට හා සංස්කෘතියට සාපේක්ෂවය. හීනයානික බුදු දහමේ බලයක් ඇතියි සිතාගෙන සිටි මහනායකයින් දැන් බයව සිටින්නේ එවැනිම සිවුරුකාරයින් පිරිසකටය. සමස්ථය තුල ප්‍රබලව වැටහෙන එක් දෙයක් ඇත. එනම් අප දන්නේ කුමක්ද? අප සොයා ඇත්තේ කුමක්ද යන්න ගැන ගැටළුවක් ඇති බවය. සියළුම දෙනා ලූලා නැති වල කණ පණ්ඩිතයින් වී සිටිති. මේ යථාර්ථය තුල මහින්ද බල්ටි ගසන්නටත්... විමල් විසිල් ගසන්නටත්.. ජවිපෙ කෑගසන්නටත්,... හෙල උරුමය පිරිත් කියන්නටත්... මර්වින් ගල් ගසන්නටත්... මීඩියා පච ගසන්නටත් නියමිතය. එළුවාගේ වැටෙන තුරු පස්සෙන් යන යූඇන්පියත්... කාගේ හෝ ගොඩකට පැන නාගන්න හදන ටී ඇන් ඒ එකත් මේ විහිලුකාර ගොඩේම සිටිති. මේ විහිළු සදහා වේදිකා සපයා දෙන්නට කෝටි දෙකක ගොන් ගහනයක් ද සිටිති. උන්ද තප්පුලමින් පොල් පැලේටම හැරෙති. ජෙනරාල් හිතාගෙන සිටියේ එහි බලයක් ඇති බවය. නමුත් මේ පිටපොත්ත පමණක් බලගතුවීමේ ලාංකීය උපහාසාත්මක ව්‍යුහ ‍ගොඩනැංවීම තුල ඔහු ද සිරව සිටී. අප බලා සිටින්නේ මිනිසුන් පැමින මෙය වෙනස් කරන තුරුය. නමුත් මිනිසුන් යනු සමාජයට වෙළදපලට හා සංස්කෘතියට සාපේක්ෂව දුහුවිලි වැනි අත් හල යුතු පිරිසකි. එසේ ‍නොවන්නට තර්ක කරන අය අයිටීඑන් හි රූපවාහිනියෙහි ප්‍රවෘත්ති ඇත්ත බව විශ්වාස කරන අති බහුතරයක් නොමැති බව ඔප්පු කල යුතු වේ. මේය වානිජ ප්‍රාග්ධන සෙල්ලමක් ඇති රටක් ‍නිසා එහි ස්වභාවය එයමය. එහි දිනන්නෝ පෙන්වන්නෝ සහ සිනහ සෙන්නො බවට පත්වෙති. නමුත් මේ දිනුම දිනුමක් නොව ව්‍යසනයක් බව පේන්නේ නැත. එය සේවා ආර්ථික ඔළු ඇති සියල්ලෝ වටහා ගන්නේ ද නැත. ඉතිං මෙය වෙනස් වන්නට නම් මහින්ද ගැන නොසිතන, ජවිපෙ ගැන නොසිතන, හෙළ උරුමය ගැන නොසිතන , ආගම් පස්සේ පැන නොදුවන විදයාවන් තුල දීප්තිය චකින .. රටට ආදරය කරන.. බිමට ‍ස්නේහය දැක්වීමට කැමති, මිනිසුන් විශ්වාස නොකරන.. නමුත් මිනිසුන් වෙනස් වන බව විශ්වාස කරන , පක්ෂ ගොඩ නොනගන නමුත් සමාජීය දේ ගොඩනගන මහා පිරිසක් අවශ්‍ය වේ. මේ මහා පිරිස හැදෙන්නේ එක් එක් අයගෙන් වන් නිසා ඒ එක් එක් අය මේ ගැන සිතිය යුතු වේ. සිදු වන දේ සිදු වේ. සිදු කරන දේ හි ප්‍රතිඵල එලි දකිනු ඇත.

- පිටුවහලා

Read more...

මේ අකුරු වලට වෙඩි තබන කාලයයි.

>> Tuesday, February 23, 2010















බොහෝ දෙනා ප්‍රකාශ කලේ මැයි 18 වැනිදා ලංකාව නියම නිදහස ලබා ගන් බවයි. ඒ ප්‍රිතීය නිමිත්තෙන් ගිහියන් පමණක් නොව චිවර ධාරින්ද පෝළිමේ කිරිබත් අනුභව කලහ. සුඑ සුඑ කණ්ඩායම් ඇරෙන්න දකුණේ බහුතර පිරිස් එකතු වි දමිලාගේ බොටුවෙන් අල්ලා සමුල නාශක අවි වලින් පොළවෙනුත් බඹ හත අටක් කිදා බසින තෙක් වැ‍ඩෙ දුන්නේය. දැං සියල්ල අවසන් යැයි සිතු සිංහලයා ජාතික ආලෙන් මත්ව විදි පුරා අනග රැගුමි පෑහ. ඉතිරි වු දමිලයන් කදවුරැ වලටම ගාල් කරන ලදි. ජයග්‍රහණයට පියවරු එකල බොහෝ විය. පරාජය මරණ සහතිකවත් නැතිව නන්දිකඩාල් හී වැළලි ගියේය. චිත්‍රපට ජවනිකා සේ සියල්ල වෙනස් විමට මහ කාලයක් ගත නොවිණි. තමන්ගේ වල තමන් විසින්ම කපා ගත් බව ලාංකික මිනිසා තේරැම් ගන්නා විට ජනවාරි 26 පසු වි තිබිණ. ජයග්‍රහණයේ පියවරු දෙපසකය. අඩ නින්දෙන් ඇහැරුණා සේ සිංහලයා තක් බිහිරි වි බලා උන්නේය. සමාජයක් වශයෙනුත්, ආගමික වශයෙනුත් අපි සී සී කඩ විසිර ඇත්තෙමු. දැං අප හඹා එන මිනිමරු ප්‍රභාකරන් කෙනෙක් නැත. කොට්න්ම අපට දැං පොදු හතුරෙක් නැත.
සියල්ලෝම නොදැනිම රාජපක්ෂකරණය වෙමින් පවතින මෙවන් කලක විපක්ෂය ගෙන යන බොරු කතා වගට ඔබ නොරැවටෙන්න, ඔබට සංවේදි නායකයෙක් හමු වී ඇත. ඇත්තටම සංවේදි පවුලක්ම හමු වි ඇත. එහි බර ලාංකිය ආර්ථිකයට දරා ගැනිමට නොහැකි වුවාට බිය නොවන්න. ඔවුන් ඔබ වෙනුවෙන් තව තවත් විදේශ ණය ඒ සදහා ලබා ගනු ඇත. එවන් වු බෞද්ධ රාජ්‍යයක් තව නොබෝ දිනකින් සුරපුරක් වනු ඇත. එහිදි ඔබට කරදර කරන ලසන්තලා, ප්‍රගීත්ලා හමු නොවෙනු ඇත. සියල්ල මහින්ද අබේසුන්දරගේ පිටපතට අනුකුලවම සිදුවෙ.

ඉතිං ඒ සදහා උතුරේ රංගන දැං දකුණේ එළිපිට රග දැක්විම අරම්භ වී ඇත. පොලිසිය මැරයන් ආරක්ෂා කිරිමට සකල විධ උපක්‍රම භාවිතා කරද්දී සිවිල් වැසියන්ට උඩින් පාත් වු සංවෙදි මැරයන් ත්‍රස්තවාදි සිවිල් වැසියන්ට පහර පිට පහර දිම අරභා ඇත. අපි අසමත් රාජ්‍යයේ සිට චෙෘර රාජ්‍යය දක්වා ඉතා සිඝ්‍රයෙන් ගමන් කරමින් හිදිමු. මහ රජු ඇතුඑ පිරිස එ ගමන ඉක්මන් කිරිමට දියවන්නා මැද ඇති මාළිගයේ 2/3 බලයද ඉල්ලා සිටිය. අනේ පවි යැයි සිතා දේශප්‍රේමි සිංහලයා හැමදාම මෙන් මෙදාද මෙ චෞර ලෝකය තැනිමෙ වැඩෙ පත්තු කර පසුව හීල්ලිමට නියමිතය.

අරගලයේ හැඩය දැන් මාරැ වි ඇත. මෙතුවක් කල් ලෙයින් යකඩින් සිදු වු විප්ලවය දැං දැණුම හා ක්‍රමෝපායන්ට විතැන් වි ඇත. මේ අකුරු වලට වෙඩි තබන කාලයයි. මෙ අපි අකුරු වලට පණ ලබා දෙන යුගයයි.

අදත් පිටපත මහින්ද මාමාගෙන්

Read more...

සිත සකස් කරගත් ආදරණීය මිතුරනි!

>> Monday, February 22, 2010

















‘සියල්ල සුනේ සුන් වී අවසන්ය’
‘මිනිසුන්ට කිසිවක් තේරුම් කළ නොහැක’
‘කිසියම් දෘෂ්ඨියක හෝ ප‍්‍රතිපත්තියකට අනුව දේශපාලනය කිරීමේ කිසිදු පලක් නැත’
‘කවි ලියා හෝ නාට්‍ය කර පලක් නැත’
‘නිහඩ බව හැරෙන්නට කිසිවක් ඉතිරි වී නැත’

අද්‍යතනයේ මේ ඇසෙන්නේ අන් කිසිවෙකුගේ නොව මේ මහ පොළොවට ආදරය කළ තම පන්තිමය යුතුකම වෙනුවෙන් අරගල කළ බොහෝ සුන්දර මිනිසුන්ගේ පරාජිත හැගීම්ය. එය කිසි ලෙසකත් සිදු නොවිය යුත්තක් වූ නමුදු එවැනි වට පිටාවක් බිහි වීමද අසාමාන්‍ය නොවේ.

ලංකාවේ සංවර්ධනයට බරපතලම බාධාව වූ කලී එල්. ටී. ටී. ඊ. ත‍්‍ර ස්තවාදීන් බැව් තරයේ කියා සිටි ධනේෂ්වර නායකයෝ බෙදුම්වාදය පරාජය කිරීමේ නිවැරදි දෘෂ්දියේ සිටින දේශපාලන පක්ෂ වලද ශක්තිය ධෛර්යය ලබාගෙන එල්.ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් පරාජයට පත් කරනු ලැබුවේය. ඒ වග එසේ සිදුවන කල උතුරෙහි ජීවත් වූ දහස් ගණනක් වූ අහිංසක දමිල වැසියන් මිය ගිය අතර ලක්ෂ ගණනකට උන් හිටි තැන් නොමැතිව සරණාගතයන් වූ කලී දකුණෙහි අපි බොහෝ දෙනෙක් සතුටු සිතින් රබන් වයමින් කිරිබත් කනු ලැබූ අතර,

ඉන් ඉක්බිති රට සංවර්ධනය කිරීමේ යුගය යැයි උදම් ඇනුවෝය. සාටකය සහිත වූ මහරජුන් බහුතරයක් වූ මිනිසුන් වන්දනාමාන කරන්නේක් බවට රජුන්ගේ මාධ්‍ය විසින් නිර්මාණය කර තිබිණි. අබ්බගාතයන් වූත් මිය ගියා වූත් හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය ඒ ජයග‍්‍රහනයේ කොටස් කරුවන් නොවන තරමට බොහෝ දුරස් වී තිබිණ. මහා රැඩිකල් මාක්ස්වාදීන් යැයි රග දක්වමින් සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරු පිට රටෙක ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේ සුළු වරදානයකට පවා මහ රජු ඉදිරියේ කුජීතයන් බවට පත් විය. සංවේදී කලා කරුවෝ වූ කලී මහරජුන්ගේ යට ඇදුම් සේදීම පවා මහත් දේශපේ‍්‍රමී ක‍්‍රියාවක් බවට පත් කර ගත්තේය. මහා සිංහලේ කතා කරුවා ඉන් අග‍්‍රඵලය. ගීත රචකයෝ සිංහල බෞද්ධ
දේශපේ‍්‍රමයෙන් මහරජුන් වෙනුවෙන් ගීත ලියුවේය. ගායක ගායිකාවෝ දේශපේ‍්‍රමයෙන් ගයන්නට විය. නළු නිළියන් දේශපේ‍්‍රමයෙන් රගන්නට විය. ක‍්‍රීඩකයෝ දේශපේ‍්‍රමයෙන් අඩන්නට විය. ඔවුන් සියළු දෙනාගේ සංවේදී බව දෝර ගලා යන්නට විය. බොහෝ ස්වාමීන් වහන්සේලා දේශපේ‍්‍රමයෙන් මහරජුට පිරිත් සජ්ජායනා කරන්නා වූ කලී, රට රකින පංචායුධය තම කාර්යය භාරය පුංචි හෝ අඩුවක් නොවෙන්නට වග බලා ගත්තේය. වචනයේ පරිසමාප්ත වූ අර්ථයෙන්ම ඔහු මහ රජු රකින පංචායුධයමය විය. මාධ්‍ය ධූතයෝ මේ සියල්ල නොයෙක් කැමරා කෝණයන්ගෙන් සුන්දර වූ සංස්කරණයෙන් ජනතාවට කිදාබස්වනු ලැබුවේය.

‘ඉක්බිති මහ රජු සියළු බල සහිත තවත් වසර අටක මහ රජු විය’

දැන් අස්වනු නෙලන යුගයයි. මහ රජුන්ගේ හත්මුතු පරම්පරාවම දැන් රජ වරුන්ය. ඔවුන් ඉදිරියේ දනින් වැටෙනවා මිස දැන් අන් කිසිවක් නොකළ යුතුමය. එසේ නොකරන සියළුවුන් දැන් දඩු කදේ ගසනු ඇත. ප‍්‍රගීත් එක්නැලිගොඩ ජීවතුන් අතරදැයි තවමත් විශ්වාසයක් නැත. මහරජුට විරුද්ධව වචනයක් හෝ කතා කරන වුන් දැන් සිරගත කරනු ඇත. මහරජුට පක්ෂපාතී නොවූ කිසිදු කම්කරුවෙකුට දැන් රැකියා කළ නොහැක. මේ මොහොත වන විටද අතපය කඩා දමා ඔවුන් නිවෙස් වලට පන්නා දමා අවසන්ය. අතැමෙක් මරා දමාද අවසන්ය. උන් හිටි තැන් අහිමි වූ අහිංසක දෙමළ ජනයා මහරජුට ආවැඩූ නොමැති පවට තවමත් සරණාගත කදවුරු වල දුක් විදිය යුතුමය...........

මහ රජුගේ කවියනි, මහා
දේශපේ‍්‍රමය වෙනුවෙන් කවි ලියන්න. ගායකයනි, තව තවත් ගයන්න. නළුවනි, තව තවත් රගන්න, ආචාර්යවරුනි, තව තවත් ආවඩන්න. මහ සගවරුනි, පිරිත් සජ්ජායනයේ යෙදෙන්න.

මේ සියල්ල මෙලෙස සිදුවන බව දැනගත් හෙයින් එය නවතාලන්නට අරගලයක නිරත වුව දැන් පරාජය බාර ගැනීමෙහිලා සිත සකස් කරගත් ආදරණීය මිතුරනි, ඔබද ඔබේ නිහඩ බව දරා ගනිමින් නිද්‍රාගතව සිටින්න.

-- Lukyයා

Read more...

ප‍්‍රනීතයි... ප‍්‍රනීතයි.... විදින් හැම කැවුත්තම

>> Wednesday, February 17, 2010














හෙළ උරුමයේ ශික්ෂු මන්ත‍්‍රී වරුන් කීප නමක්
දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරයි.
- පුවතක්

දමිල ලේ රස බලා විටින් විට සැනහුන
සිහළ ලේ ඒ රසද බලන් තව ඉදගෙන
ප‍්‍රනීතයි... ප‍්‍රනීතයි.... විදින් හැම කැවුත්තම
අළුත් බණ පදයකට කාලයද පැමිණෙන

සමුගන්ට මේ මොකෝ හදිසියේ සිත් දෙන
දන් වේල ලේ රසද මේ පාර සෙට් වෙන
කහ සිවුර බෝ මළුව පෙර බිමේ දිස්වෙන
පසු බිම ම ලේ ගදයි මුනි සුවද බෙදමින

දමිළ උන් එක එකා පෝලිමේ පැමිණුන
සිහල උන් මෙන්න දැන් පෝලිමේ තැන ගෙන
ජාතියයි ආගමයි බේරගෙන ඉවර වුණ
දැන් ඉතින් හදිසියේ බොදු බිමට දුවමින

යන යකා යන්නේ දැන් කොරහත් බිදගෙන
බුදු පුතුනි ඔය යන්නේ අප සැවොම මරාගෙන
උතුම් වූ බුදු ගුණය වරු ගණන් දෙසා ගෙන
කර්මයේ ඵල තමයි දෙසාපන් අඩාගෙන

ඩ‍්‍රැකිවුලට සෙට් වෙලා ලේ බීල සැපක් ගෙන
පන්සලේ හැංගුනත් ලේ ගදයි මුවින් එන
සුවද විලවුන් සිවුරෙ තවරලා තැනින් තැන
මදි වගේ දැනේ නම් බොන්න ඒ පැන් බිද

බහුතරය හරි ෂෝක් රතිඥ්ඥා දමාගෙන
කලින් ඩොං සද්දෙ ඇයි බක් මහේ අඩන්නද
කල් යද්දි දැන ගනී මිතුරු කැළ නොමැති බව
පාඩමක් උගන්වා උන් සැවොම නිදාගෙන

ප‍්‍රාණයක් නසන්නට සිතින්වත් ඉඩක් නැත
උතුම් ඒ බුදු ගුණය වැළලූවද නුඹලා හැම
හිර ගෙවල් රට පුරා තැනින් තැන ඉදිවෙන
දැන්ම ඇයි නික්මෙන්නේ බලන් ඒ අවසද

- ගෙටෝවෙ එකෙක්

Read more...

Prageeth , the man who believed in democracy

>> Friday, February 12, 2010


Prageeth , the man who believed in democracy

3 weeks have passed after the disappearance of Prageeth Eknaligoda , the freelance writer attached to Lanka E-News web news paper. This was not the first time he has been kidnapped. Few months ago he had been taken by a few men who were in civil dresses and had released him after informing him that, bringing him was a mistake. At the same time he had been threatened not to write “unnecessary things” against the government.
Prageeth is a loving husband and an affectionate father of two children having many talents like their father.

If we closely look at the writings of Prageeth, it is crystal clear that he’s arguing on very valid points using his expertise knowledge on economics, sociology as well as politics. He wrote in such an objective way that no one can oppose his arguments as they were based on theories and the practical current situation as well. He was educating the readers on different aspects but the main focus was on democracy, the silver feather which we pretend and feel like having but are not even close to be able to touch. He was not a writer who was rousing the public to take the weapons and kill each other to save the caste or creed from the other one who lives under the same tree but an academic who had a great vision for the country and was living hard with a throbbing heart for the declining humanity in the country.

Now, let’s look at the scene which was followed by the second disappearance. Soon after realizing that something has gone wrong with her husband, Prageeth’s wife had gone to the Homagama police station to lodge a complain. The response was strange.(In fact that is the most natural answer you can get from the police nowadays). The police was so sure that Prageeth has hidden somewhere by his own. Shocked with this response, she somehow had made the police to lodge complain and started to search for her husband. Ignoring the pleading tears of his innocent children and wife, the government irresponsibly and inhumanly stated that it was a trick of the opposition party played to make the government unpopular. The president and his government has been repeatedly accusing the media, individuals as well as the institutions for having a different perspective from what they have. Resently reactivated press council act too gives a massive freedom to practice the monopoly on media.
The most important restrictions are in clause 16. Subsection 3 states: “No person shall publish or cause to be published in any newspaper any official secret within the meaning of the Official Secrets Act or any matter relating to military, naval, air-force or police establishments, equipment or installation which is likely to be prejudicial to the defence and security of the Republic of Sri Lanka”.
On the other hand, how was the Police at the first instant was so certain about the “hiding” of Prageeth? Is that a strategy of them to entirely be out of the seen? This is a democratic country (as being said) where the CID squads are resourced and powered to conduct in person investigations against small scale future predictors who come up with just a small negative prediction about the president. Yet, this well known journalist has been vanished without even leaving any trace. The government is so confidently repeating that he has been kidnapped by “himself”. Only one man from the government had the courage and humanity to express the sympathy and willingness to help to find Prageeth, and it was Minister Anura Priyadarshana Yapa who resigned from the failed position of Media Minister.

Through out the history, at different phases, this country has lost enough great journalists who had strong back bones to stand against the tyranny. It lost Premakeerthi de Alwis; it lost Richerd Soysa; it lost Nimalarajan; it lost Lasantha Wickramathunga and many others. It had to suffer with the pain of many good men who were thrown in to the guillotine for the sin of hunting for truth. They were like stars burnt themselves to give the light to the world. Can this failing country bear such losses anymore? Is it again going to silently accept it?

-Sorba----

ප්‍රගීත් එක්නැලිගොඩ නිදහස් මාධ්‍යවේදියා අතුරුදහන් වි දැනට සති තුනක් ඉකුත් වී ඇති මුත් රජය තවමත් පවසන්නේ ඔහු සිය කැමැත්තෙන් නැතිවි සිටින බවයි. මෙය මුසාවකට, විහිළුවකට වඩා භයානක දෙයක් බව‍ට පත් වන්නේ එය ඔහුගේ ජීවිතය පිළිබද තිරණාත්මක කරුණක් වන බැවිනි. එයින්ද ඔබ්බට ගොස් එය ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් ගලග්‍රහණයෙන් ගෙන නාසි වාදයේ හක්කෙහි තබයි.
මේ රට, කශේරුකාවන් සහිතව ලියූ මාධ්‍යවේදීන් සුළුතරයෙන් බහුතරයක් අහිමි කොට ගෙන තිබේ. එයට වගකිව යුත්තේ ජනාධිපතිවරු හා ආණ්ඩු පමණක් නොවේ.මේ සියල්ල නිහඩව අනුමත කරන ගොළුව මුණිවත රකින කෝටි දෙකක් මහජනතාවද වගකිව යුතුය.

-සොර්බා

Read more...



  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP