ප‍්‍රනීතයි... ප‍්‍රනීතයි.... විදින් හැම කැවුත්තම

>> Wednesday, February 17, 2010














හෙළ උරුමයේ ශික්ෂු මන්ත‍්‍රී වරුන් කීප නමක්
දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරයි.
- පුවතක්

දමිල ලේ රස බලා විටින් විට සැනහුන
සිහළ ලේ ඒ රසද බලන් තව ඉදගෙන
ප‍්‍රනීතයි... ප‍්‍රනීතයි.... විදින් හැම කැවුත්තම
අළුත් බණ පදයකට කාලයද පැමිණෙන

සමුගන්ට මේ මොකෝ හදිසියේ සිත් දෙන
දන් වේල ලේ රසද මේ පාර සෙට් වෙන
කහ සිවුර බෝ මළුව පෙර බිමේ දිස්වෙන
පසු බිම ම ලේ ගදයි මුනි සුවද බෙදමින

දමිළ උන් එක එකා පෝලිමේ පැමිණුන
සිහල උන් මෙන්න දැන් පෝලිමේ තැන ගෙන
ජාතියයි ආගමයි බේරගෙන ඉවර වුණ
දැන් ඉතින් හදිසියේ බොදු බිමට දුවමින

යන යකා යන්නේ දැන් කොරහත් බිදගෙන
බුදු පුතුනි ඔය යන්නේ අප සැවොම මරාගෙන
උතුම් වූ බුදු ගුණය වරු ගණන් දෙසා ගෙන
කර්මයේ ඵල තමයි දෙසාපන් අඩාගෙන

ඩ‍්‍රැකිවුලට සෙට් වෙලා ලේ බීල සැපක් ගෙන
පන්සලේ හැංගුනත් ලේ ගදයි මුවින් එන
සුවද විලවුන් සිවුරෙ තවරලා තැනින් තැන
මදි වගේ දැනේ නම් බොන්න ඒ පැන් බිද

බහුතරය හරි ෂෝක් රතිඥ්ඥා දමාගෙන
කලින් ඩොං සද්දෙ ඇයි බක් මහේ අඩන්නද
කල් යද්දි දැන ගනී මිතුරු කැළ නොමැති බව
පාඩමක් උගන්වා උන් සැවොම නිදාගෙන

ප‍්‍රාණයක් නසන්නට සිතින්වත් ඉඩක් නැත
උතුම් ඒ බුදු ගුණය වැළලූවද නුඹලා හැම
හිර ගෙවල් රට පුරා තැනින් තැන ඉදිවෙන
දැන්ම ඇයි නික්මෙන්නේ බලන් ඒ අවසද

- ගෙටෝවෙ එකෙක්

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP