සිදු කරන දේ හි ප්‍රතිඵල එලි දකිනු ඇත.
>> Wednesday, February 24, 2010
අප බොහෝ දේ ගැන වසර ගණන් කතා කර ඇත්තෙමු. යම් යම් ක්‍රියාමාර්ගයන් ගෙන ඇත්තෙමු. එහි අවසානයේදී වී ඇත්තේ ඒ ක්‍රියාකාරකම් වල සිරකරුවන් බවට පත්වීමටය. කාන්තා නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන් එහි සිරකර්‍ුවන් බවට ද සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් එහි සිරකරුවන් බවට ද ආගම වෙනුවෙන් පෙනී සිටින්නන් එහි සිරකරුවන් බවට ද පත්ව අද මුළු රටේ සෑම කෙනෙක්ම සිරකරුවන් බවට පත්ව ඇත. ලොකුම සිරකරුවා හා සිර හිමියා බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරයාය. මේ සිරකාරිත්වයෙන් මිදීමේ උවමනාවක් ලංකාවට ඇත. නමුත් මා ලංකාව කියා මෙහිදී අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන තදින් සිතා බැලිය යුතු වේ. සිරකාරිත්වයේ හැගීම් සහ දැනීම් සියළු දෙනා අත් විදිමින් සිටින යුගයකි මෙය. මෙහි බිහිසුනු සෙවනැල්ල හෝ අවතාරය බවට පත් වූයේ ප්‍රභාකරන්ය. එල්ටීටීඊයේ අයියා ජවිපෙ ය. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම සිරකාරිත්ව සමාජයට ඇද දමනු ලැබුවේ මෝඩ දේශපාලඥයින් විසිනි. දැන් එම සිරකාරිත්වයේ ඵල බුක්ති වදින්නේ සමස්ථ රටමය. රටක් යනු සිර ගෙයක් නොවේ. මේ සිර මැදුරු කුඩු කරන්නට කාලය පැමිණ ඇත. නමුත් මෙය සිදු කරන්නේ කවුරුන් විසින් ද? හැම කෙනෙකුගේම සීමාවන් දම්වැලි වලින් මායිම් කර ඇත. ග්‍රාමීය සමාජවාදීයෝ පක්ෂය ආරක්ෂ කරගන්නට තැත් කරති, ලුම්පන් ධනපතියෝ මුදල් ආරක්ෂා කරගන්නට තැත් කරති. විහිළුකාර සාටකයෝ හීනමානය වසා ගැනීමට තැත් කරති. හැම කෙනෙකුම යම් සිර කුටියක සිරව ඇත. වැරද්ද ඇත්තේ මහින්දගේම වුව මහින්දගේම නොවේ. මේ පද්ධතියේය. ගොඩනගා ගන්නා ලද වයුහයන්ගේ සහ මොල කුහර වල ඇති ආකල්පයන් වලය. ඒවා නිර්මානය වන්නේ ද මෙහි සමාජයට , වෙළදපලට හා සංස්කෘතියට සාපේක්ෂවය. හීනයානික බුදු දහමේ බලයක් ඇතියි සිතාගෙන සිටි මහනායකයින් දැන් බයව සිටින්නේ එවැනිම සිවුරුකාරයින් පිරිසකටය. සමස්ථය තුල ප්‍රබලව වැටහෙන එක් දෙයක් ඇත. එනම් අප දන්නේ කුමක්ද? අප සොයා ඇත්තේ කුමක්ද යන්න ගැන ගැටළුවක් ඇති බවය. සියළුම දෙනා ලූලා නැති වල කණ පණ්ඩිතයින් වී සිටිති. මේ යථාර්ථය තුල මහින්ද බල්ටි ගසන්නටත්... විමල් විසිල් ගසන්නටත්.. ජවිපෙ කෑගසන්නටත්,... හෙල උරුමය පිරිත් කියන්නටත්... මර්වින් ගල් ගසන්නටත්... මීඩියා පච ගසන්නටත් නියමිතය. එළුවාගේ වැටෙන තුරු පස්සෙන් යන යූඇන්පියත්... කාගේ හෝ ගොඩකට පැන නාගන්න හදන ටී ඇන් ඒ එකත් මේ විහිලුකාර ගොඩේම සිටිති. මේ විහිළු සදහා වේදිකා සපයා දෙන්නට කෝටි දෙකක ගොන් ගහනයක් ද සිටිති. උන්ද තප්පුලමින් පොල් පැලේටම හැරෙති. ජෙනරාල් හිතාගෙන සිටියේ එහි බලයක් ඇති බවය. නමුත් මේ පිටපොත්ත පමණක් බලගතුවීමේ ලාංකීය උපහාසාත්මක ව්‍යුහ ගොඩනැංවීම තුල ඔහු ද සිරව සිටී. අප බලා සිටින්නේ මිනිසුන් පැමින මෙය වෙනස් කරන තුරුය. නමුත් මිනිසුන් යනු සමාජයට වෙළදපලට හා සංස්කෘතියට සාපේක්ෂව දුහුවිලි වැනි අත් හල යුතු පිරිසකි. එසේ නොවන්නට තර්ක කරන අය අයිටීඑන් හි රූපවාහිනියෙහි ප්‍රවෘත්ති ඇත්ත බව විශ්වාස කරන අති බහුතරයක් නොමැති බව ඔප්පු කල යුතු වේ. මේය වානිජ ප්‍රාග්ධන සෙල්ලමක් ඇති රටක් නිසා එහි ස්වභාවය එයමය. එහි දිනන්නෝ පෙන්වන්නෝ සහ සිනහ සෙන්නො බවට පත්වෙති. නමුත් මේ දිනුම දිනුමක් නොව ව්‍යසනයක් බව පේන්නේ නැත. එය සේවා ආර්ථික ඔළු ඇති සියල්ලෝ වටහා ගන්නේ ද නැත. ඉතිං මෙය වෙනස් වන්නට නම් මහින්ද ගැන නොසිතන, ජවිපෙ ගැන නොසිතන, හෙළ උරුමය ගැන නොසිතන , ආගම් පස්සේ පැන නොදුවන විදයාවන් තුල දීප්තිය චකින .. රටට ආදරය කරන.. බිමට ස්නේහය දැක්වීමට කැමති, මිනිසුන් විශ්වාස නොකරන.. නමුත් මිනිසුන් වෙනස් වන බව විශ්වාස කරන , පක්ෂ ගොඩ නොනගන නමුත් සමාජීය දේ ගොඩනගන මහා පිරිසක් අවශ්‍ය වේ. මේ මහා පිරිස හැදෙන්නේ එක් එක් අයගෙන් වන් නිසා ඒ එක් එක් අය මේ ගැන සිතිය යුතු වේ. සිදු වන දේ සිදු වේ. සිදු කරන දේ හි ප්‍රතිඵල එලි දකිනු ඇත.
- පිටුවහලා
0 comments:
Post a Comment