පහර දෙන්නේ කොහොමද?

>> Saturday, March 13, 2010













පහර දෙන්නේ කොහොමද?

කොහොම පහර දුන්නත් පහර දෙන ආකාර දෙකක් ඇත. එනම් සූඳානම් වී පහරදීම හා පහරදී සූඳානම්වීමයි. මේ දෙකෙන් වඩාත් සුදුසු කෝකදැයි ඒඑ ් අවස්ථාවට අනුව තීරණය කල යුතුය. සුදුසු ප‍්‍රහාරය අනුගමනය කළ යුතුය.
අද අප රට පිලිබඳ ගත් විට සහ රටේ ජීවත් වන දෙකෝටියක් ජනතව සම්බන්ධයෙන් ගත් විට මෙම කරුණ ගලපා ගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය. අප රට කරන පාලකයන් මේ වන විට අප රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වලට එල්ල කර ඇති ප‍්‍රහාරය කොතරම්ද, මාධ්‍යයට එල්ල කර ඇති ප‍්‍රහාරය කොතරම්ද, සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට එල්ල කර ඇති ප‍්‍රහාරය කොතරම්ද, මදක් විමසා බලන්න. අපේ රට ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන රාජ්‍ය මාධ්‍ය ලෙස හඳුන්වන දේවල් අද යොදා ගන්නේ කුමකටද, තමන්ව පෝෂණය කරන ජනතාවම රැුවටීම සඳහාය. පාලකයන්ට විරුද්ධව කතා කරන්න අද ධෛර්යයක් ඇත්තේ කීයෙන් කිදෙනාටද. ජනතාවට සත්‍ය තොරතුරු ලබා දෙන්න කටයුතු කරන්නේ ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් කොපමණ සංඛ්‍යාවක්ද. වැරදී දේ වැරදි බව කියන්න අවශ්‍ය ධෛර්යය තියෙන්නේ කීයෙන් කීදෙනාටද. මේ ගැන මදක් සිතන්න.
අපේ රජු ඇතුළ නඩය ජනතාවගේ අයිතීන් සමඟ සෙල්ලම් කරන අයුරු බලන්න හොඳ අවස්ථාවක් මේ වන විට ජනතාවට උදාවෙලා තියෙනවා. ඒ අන්තර්ජාතික කුමන්ත‍්‍රණ. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආන්ඩුව විසින් අහිමි කරන කොට, මර්දනය කරන කොට විදේශ බලවේගවලට අවස්ථාව ලැබෙනවා අපේ රටට මැදිහත් වෙන්න කටයුතු කරන්න. මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට මුවා වෙලා විදේශ බලවේග අපේ රටට මැදිහත් වීම් සිදු කරන්න කටයුතු කරන කොට අපේ රටේ රජුයි කේවට්ටයොයි කෑගහන්න පටන් ගන්නවා (සිංහලෙන්) ඒවාට විරුද්ධව. ජනතාවගෙන් බලය ඉල්ලනවා එම විදේශ බලවේගවලට විරුද්ධව ක‍්‍රියා කරන්න. අන්න එතකොට තමයි කලින් සඳහන් කල රාජ්‍ය මාධ්‍ය ලෙස හඳුන්වන ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වෙන ආයතන මේ කටයුත්තට දායක වෙන්නේ. එම ආයතන හරහා බොරු දේශපේ‍්‍රමය දොරේ ගලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ. ජනතාගේ තවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් වෙච්ච ඡුන්දය මේ බොරුවෙන් රවට්ටලා පොකට් ගහනවා.එහෙම පොකට් ගහපු ඡුන්දයෙන් බලය ලබාගෙන පස්සේ අර විදේශ කුමන්ත‍්‍රණකරුවන්ගේ අවශ්‍යතා හොරෙන් ඉටු කරනවා. පසු ගිය කාලයේම සිදු වූණේ ඕක නෙමෙයිද. හොඳට හිතලා බලන්න. කොහොද අපේ රටේ ජනතාවට එල්ල වෙන ඒකාබද්ධ ප‍්‍රහාරය.

මෙන්න මෙතනදීයි ජනතාවගේ පැත්තේන හිතන්න ඕනේ ප‍්‍රතිපහර දීමේ ආකාරය ගැන. දැන් සූඳානම් වෙවී ඉන්න මොහොතක නෙමෙයි ඉන්නේ. පහර දෙන්න ඕනේ මොහොතක. මන්න මුවහත් කර කර වැට පනිනකම් බලා ඉන්න බැහැ. දැන් වැට පැනලා ගොඩක් කල්. ඒ නිසා අවශ්‍ය ප‍්‍රහාරය අවශ්‍ය වෙලාවට අවශ්‍ය අකාරයට දෙන්න ඕනේ.

ඉතිං හැමෝම එක් වන්න. ඔව් අපි හැකි අයුරින් පහර දෙමු.අපේ අදහස්වලින්, අපේ දැනුවත් බවෙන්,අපේ අධිෂ්ඨානයෙන්, අපේ විරෝධතාවන්ගෙන්, අපේ එකමුතුවෙන් හා සමගියෙන්, අපේ ඡුන්දයෙන්, අපට හැකි හැම ආකාරයෙන්ම පහර දෙමු, පහර දී සූඳානම් වෙමු. සූඳානම්වීත් පහර දෙමු.

---- මේඝ

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP