‘මන්නය’ රැගෙන පාරට බහිමු.

>> Saturday, March 6, 2010



















වැටට උඩින් පනින උන්ට
මන්න පාර දෙන්න වෙනවා
- සාධාරණ පහරදීම

කොටි හඩ විකාශනය නිමා වත්ම තවත් ත‍්‍රස්තවාදී රේඩියෝ කඩයක් (‘ලක්හඩ’ නමින් තිබූ චැනලයක්) පෙර නොවූ විරූ ලෙස පරිවර්ථනය වී තිබේ. ඉහත සදහන් නන්දාගේ ගීතය මේ දිනවල නිතරම එම රේඩියෝවෙන් ඇසෙන්නට ලැබේ. මහින්දගේ රාජසභාවේ බත් පිගානේ මුවාවෙන් බස් රථ වල මෙම ත‍්‍රස්ත හඩ උදේ සිට රෑ වන තුරුම ප‍්‍රශස්ති වයමින් අමු අමුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා බොහොම වර්ණවත්ව අයිසින් කරමින් ත‍්‍රස්තවාදී බලවේගයක් වෙනත් ආකාරයකින් මේ පොළොව මත ස්ථාපිත වෙමින් පවතී.
ලසන්ත ඝාතනය, ප‍්‍රගීත් පැහැරගෙන යාම, සරත් ෆොන්සේකා පැහැරගෙන යාම, ලංකා පුවත්පත සීල් තැබීම, උද්ඝෝෂණ වලට පහරදීම, ශිෂ්‍ය හා වෙනත් බලවේග වල නායකයන් අත්අඩංගුවට ගැනීම, දෙමළ කතා කරන පුරවැසියන් අත් අඩංගුවට ගැනීම, එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ගේ සොහොන් බිම් ඩෝසර් කරමින් සුපර්මාර්කට් තැනීම වැනි සාපරාධී, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී කටයුතු වල වත්මන් ආණ්ඩුව නිරත වෙමින් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය පිළිබදව ඕනෑවටත් වඩා පාරම් බාන මේ මාධ්‍ය ජාලය මේ මොහොත වන විට එම ක‍්‍රියාදාමයන් තරමක් අනෙකෙකුගේ කර මත පටවමින් ද, තරමක අයිසිං තවරමින්ද වාචාල බස් දොඩවමින්ද සිටියි. කෙසේ වුවද මේ සියල්ල සිදු කරනුයේ අදාල පුද්ගලයින් වෙත හෝ ආයතන වෙත අභූත චෝදනා ඉදිරිපත් කරමින් එම පුද්ගලයින්/ආයතන වත්මන් දේශපේ‍්‍රමී ආණ්ඩුවට තර්ජනයක් යැයි දෙකෝටියක් ජනතාව වෙත අදාල ත‍්‍රස්තවාහිනී හා ත‍්‍රස්ත හඩ විසින් පැය විසි හතරේම තෙල් ගසමිනි. මෙය අප තව තවත් සාකච්ඡුාවට බදුන් කළ යුතු ක‍්‍රියාදාමයකි.
රටක නීතිය, එම රටෙහි සියළු පුද්ගලයින්ට පොදුය. එහිදී නීතිය හැමටම පොදුවේ ක‍්‍රියාත්මක කිරීමට නීතිය හසුරවන්නන්ට හැකිදාය ඇත. මේ මොහොත වන විට ප‍්‍රගීත් අතුරුදහන්ය. සරත් ෆොන්සේකා සිර ගත කොටය. කිසිදු වරදක් නැතිව ම දෙමළ තරුණ තරුණියන් සිරගත කොට ඇත. නමුදු පිල්ලෙයාන් රජ ගෙදරය. කේ. පී. රජගෙදර සැප විදියි. කරුණා ද එසේමය. මේ වන විට නීතිය ක‍්‍රියාත්මක කිරීමද නීතිය බලූ වී ඇති බව ද අපට නැවත නැවතත් ප‍්‍රකාශ කරමින් සිටී.
සරත් ෆොන්සේකාට අදාලව එල්ල වන චෝදනා අනුව සැබවින්ම ඔහු වැරදි නම් (ආණ්ඩුවේ බොරු පත‍්‍රිකා හෝ ලියවිලි, තීන්දු අදාල නොකොට) ඒ පිළිබදව දඩුවම් ලබාදිය යුතුව ඇත. දෙකෝටියක ජනතාව ද ඒ වෙනුවෙන් පෙළ ගැසී එම තීන්දුවට සහාය පළ කළ යුතුව ඇත. එසේ නම් අනිවාර්යයෙන්ම මෙසේ යොදවන නීතිය පොදුවේ ශ‍්‍රී ලාංකික සියළු ජනයා වෙතම ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. එවිට වංචා දූෂණ, මිනීමැරුම් වලට අදාළව ආණ්ඩුවේ මැති ඇමති වරුන්, බැසිල්, ගෝඨා, නාමල්, චමල්, යෝෂිත සහ අනෙකුත් සහෝදර සමාගමේ සාමාජිකයින්ද උල තැබීමට තීරණය කළ යුතුවම ඇත. මහින්දටද මෙම නඩු කැදවා තබා ජනාධිපති ධූරය අවසන් වූ දිනට පසු දිනම අදාල දඩුවම් පැමිණවිය යුතුය. ඒ වෙනුවෙන්ද දෙකෝටියක ජනතාව පෙළ ගැසිය යුතුය. උද්ඝෝෂණ වැඩ වර්ජන කළ යුතුය. සරත් ෆොන්සේකා වැනි තනි පුද්ගලයකුට මෙන් නොව ලෝකයේ ලොකුම අමාත්‍ය මණ්ඩලයේ හා ඒකාධිපති පාලකයකුගේ වංචා දූෂණ මිනී මැරුම් වලට විරුද්ධව මුලූ රටම එකතුව අරලිය ගහ මන්දිරට වැටලිය යුතුව ඇත.

වැටට උඩින් පනින උන්ට
මන්නපාර දෙන්න වෙනවා
-සාධාරණ පහරදීම

මේ මේ දිනවල නිතර ත‍්‍රස්ත හඩෙහි ඇසෙන නන්දාගේ පද මාලාවකි. නන්දාට මෙය කෙසේ හැගුණද, ආණ්ඩුවට කීයකට විකිණුවද අපට කීමට ඇත්තේද එක මය. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනට, ඒකාධිපති පාලනයට එරෙහිව ජනතාව මන්න පහර ගැසීමට එක් වන දින වැඩි ඈතක නොවෙයි. එම දිනට නොව මේ මොහොතෙද කිනම් ආකාරයෙන් හෝ එල්ල කරන ‘මන්න පහර’ සාධාරණ පහරදීමකි. ඉතින් අපි දෙකෝටියක ජනතාව මේ ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව ‘මන්නය’ රැගෙන පාරට බහිමු.

---- පාවෙල්

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP