තුනෙන් දෙකක් නොලැබීම

>> Sunday, May 2, 2010





















බිව්වා නේද වදකහ සුදීය..


මෙම වදන් පෙල රැගත් ගීතය මෙයට බොහෝ කලකට පෙර ජනප‍්‍රිය වූ බයිලා ගීතයකි. බොහෝ දෙනෙක් මෙම ගීතය අසා ඇතත් එම ගීතයට හේතුවූ කරුණ දන්නේ නැත. කොහොමටත් අපේ රටේ හුඟ දෙනෙක් ශබ්ද රසය ගැන මිසක් අර්ථ රසය ගැන අවබෝධයක් ඇත්තේම නැත. ලබා ගැනීමට උත්සාහ ගන්නේද නැත. 50 දශකයේ පමණ සිදුවූ සූර්යග‍්‍රහණයක් අවස්ථාවක වදකහ ඉස්ම බීවූ විට ඉතා පැහැපත් රූපයක් ලැබෙන බව ජොතිශ්‍යවේදියෙක්ගේ ප‍්‍රකාශයකට එකල පුවත්පත් වල ලබා දුන් ප‍්‍රචාරයක් හේතුවෙන් මෙරට බොහෝ දෙනෙක් වයස් බේදයක්, ආගම් බේදයක්, දැනූම සම්බන්ධ බේදයක් නොසලකා රැුවටී එම සූර්යග‍්‍රහණය අවස්ථාවේදී වද කහ බී තිබේ. ඉන් පසු සිදුවී ඇත්තේ පාචන තත්වයන් වැලදීමෙන් මේ ශ‍්‍රී ලංකාවේ රෝහල් පීරී යාමය. ලැබූණු රූප සම්පත්තියක් නම් නැත. සිදු වී ඇත්තේ බඩයාම පමණි. මෙය උපහාසයට ලක් කරමින් ඉහත බයිලා ගීතය රචනා වී තිබේ.
දැන් වන විට මෙම උතුම් රටේ උද්ගතවී ඇත්තේද එවැනි තත්වයකි. ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය මගින් දැක්වූ සංදර්ශණය රැුවටුණු අපේ රටේ ඇතැම් බුද්ධිමතුන්, කලාකරුවන් යැයි කියා ගන්නා කලා ශිල්පීන්, වෘත්තිකයන්, ඇතුළු බොහෝ දෙනා සුබ අනාගතයක් පතා ගෙන තමන්ට ඇති එකම අයිතිය වූ ඡුන්දය පාවිච්චි කලේය. ලැබුණු සුබ අනාගතයක් නම් නැත. අනාගතය අනා ගැනීම නම් සිදු විය. ඉන් පසු මහ මැතිවරණය එලඹියේය. අපේ රට පාලනය කරන රජ තෙමේ මාධ්‍ය මගින් රට ඓශ්චර්යමත් ශ‍්‍රී ලංකාවක් පාඨය ගෙනාවේය. එය ඉටු කරලීමට මුලින් තුනෙන් දෙකක් ඉල්ලීය. ඉන් පසු ශක්තිමත් එකක් ඉල්ලීය. මාධ්‍ය සංදර්ශනය ආරම්භ විය. කොටසකගේ ඇස් එයින් නිලංකාර කරගෙන ගොස් ඡුන්දය දී ඓශ්චර්යමත් භාවය පැතීය. කොටසක් ඡුන්දය නොදා ගෙදරට වී සිටියෝය. ප‍්‍රතිඵලය දැන් කවුරුත් දනී. තුනෙන් දෙකක් නොලැබුණද එය හදා ගන්නා බව රජ තෙමේ මැතිවරණය අතුරතුර පැවසූ අතර එය එසේම සිදු වන බවට දැනට ලකුණු පහල වී තිබේ. රජු තුනෙන් දෙක සාදා ගන්නා අතර ජනයාට ලඟ ඇති තුනද නැති වන බවට ඕනේ තරම් සාධකද දැනට මතුවී ඇත. ආසියාවේ ඓශ්චර්යය නම් එයය. තමන් විසින් තම තුනද නැති කර ගත් මිනිසුන් සිටින රටක් බවට පත්වීමය.
දැන් අපට ඇසීමට සිදුවී ඇත්තේද, අනාගතයේදී ඇසීමට සිදු වනු ඇත්තේද ඉහත ගීතයේ පාඨයය. .... බිව්වා නේද වද කහ සුදීය.. අනේ බිව්වා නේද වද කහ සූදීය..

--- මේඝ

Read more...

උලත් එකයි පිළත් එකයි - මඩකාලයි මෙතැනට ආවෙ

>> Saturday, April 10, 2010















උලත් එකයි පිළත් එකයි - මඩකාලයි මෙතැනට ආවෙ



සිංදු පහයි, බල්ටි තුනයි, වචන දෙකයි රෑකාන්ත ගුණතිලක ජාතික රෑපවාහිනියේ (තමන්ගේ ජාතියේ තරම මෙහි වැඩසටහන් නරඹා සිතා ගන්න) නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඉකුත් චන්ද්‍රිකා මැතිණියගේ පාලන කාළයේදි මැර තර්ජනයකට හසුව කකුල් දිගේ මුත්‍රා බෙරි සමාජය ගැන අන්ත කළකිරිමකින් රෑකාන්ත ලංකාව හැර ගියේය. අමරදේව මහාතාට අනුව අනාගතය දුටු සංගීතඥයා වෙනුවෙන් පක්ෂ විපක්ෂ බෙදයකින් තොරව ලංකාවෙ හැකි සෑම දෙනාම ඔහු වෙනුවෙන් එදා පෙනි සිටියේය. එය සමහරැන්ට දේශපාලන වාසි තකා වුවත් බොහෝ අය ඔහු වෙනුවෙන් පෙළට සිට ගත්තේ සත්‍ය වශයෙන්ම ඔහු ලංකාවට අවැසි නිසාය. එහෙත් විදෙස් ගතව සිට ලංකාවට පැමිණෙන්නේ ඒ රෑකාන්තමද..?? ඔහුට රජයෙන් කුමන වරදානයක් ලැබුණද අපට කමි නැත. එහෙත් තමන් වෙනුවෙන් පෙනි සිටි මිනිසුන්ගේ මනුස්සකමවත් අද රෑකාන්ත තුල නොමැත. ඔබ, ප්‍රගීත්ව අතුරැදහන් කල ආණ්ඩුවෙ අතකොලුවක් වුයේ කෙසේද..?? ජාතික වීරයෙක්ව මෝඩ සහගත ලෙස රදවා තබා ගන්නා වියරැ පාලකයෙකුගෙන් වරදාන ලබන්නේ කෙසේද..?? මාධ්‍ය ජාලයන්ට චණ්ඩිපාටි දමනා ආණ්ඩුවෙ පුරැකක් වුයේ කෙසේද...??? ඔබගේ දක්ෂතාවය වෙනුවෙන්, ඔබගේ අහිංසකකම වෙනුවෙන් පෙනි උන් මිනිසුන් මෙසේ රැවටිමට ඔබට ඇති අයිතිය කුමක්ද..??

සියලු පවිකාරයන් ඔබට ගල් ගසන කල ඔබ වෙනුවෙන් සිට ගත් මිනිසුන් වෙනුවෙන් පිටරටකට ගොස් හිත හදාගෙන පැමිණ පවිකාරයන් සමග එක්ව ඔබත් ඒ මිනිසුන්ට (ඔබ වෙනුවෙන් සිට ගත් මිනිසුන්ට) ගල් ගසනු දැකීමෙන් ලජ්ජාව කකුල් දිගේ බෙරෙන්නට පටන් ගත්තේය.
ඔබට මහින්ද සරණං ගචිචාමි...!!

ආමෙන්

~අදත් පිටපත මහින්ද මාමාගෙන්~

Read more...

බුද්ධිමත් ජනතාවණි අවදිවවි...!!!

>> Friday, April 2, 2010



















බුද්ධිමත් ජනතාවණි අවදිවවි...!!!


මෙ කාට නමි අපි අඩ ගසමුද..?? එහෙම බුද්ධිමත් ජනායා තවත් මෙහි ඇත්ද..?? ඇස් කන් පියාගෙන රජයේ අත්තනෝමතික ගමනට ඉඩ දී තම ගෙල සියතින්ම සිර කර ගන්නා අමන රැළක් ඇරෙන්න අපට බුද්ධිමත් යැයි ජන කොටසක් තවත් ඉතිරිව ඇත්ද...??

තම දරැවන් ගගට විසි කරන මවිවරැ සිටින බෞද්ධ රටක, එළිපිට මිනිසුන් පැහැරගෙන යන බෞද්ධ රටක, ජනතා මුදල් කිසිදු බියක් සැකක් ලැජ්ජාවක් නැතිව සොරා කන බෞද්ධ රටක, බලය වෙනුවෙන් බුද්ධ පුත්‍රයන් ගතු කියා ගන්නා බෞද්ධ රටක, ස්ත්‍රි දුෂකයන් පාර්ලිමෙන්තු යන බෞද්ධ රටක, නඩු තීන්දු කල් දමමින් මග හැර යමින් සිටින විනිසුරැවන් සිටින බෞද්ධ රටක අපි කාගෙන්නමි යුක්තිය ඉල්ලා සිටිමුද...??
බඩගොස්තරවාදි ජාතිවාදී බැටලු හමක් ඇද ගත් නරීන්රැළ සුද්දන් සොයා ගත් මුද්‍රණ යන්ත්‍රයෙන්ම සුද්දන්ට බනිමින් පොත් කදු ගොඩ ගසති. බුදුන් මහා ඉහළින් වෙන්දේසි කර පාර්ලිමෙන්තුවට වඩිති. මාවිල් ආරැ සටන පටන් ගත්තේ තමන් යැයි කියමින් බුද්ධ පුත්‍රයන් වාර්ථා වැඩසටහන් නිපදවා ගනිති. මැරැණු LTTE සාමාජිකයන් 25,000 ත්, හමුදා සෙබලුන් 5,000ත් තුවාල ලැබු සිවිල් ජනතාවගේ ජිවිත වලට, අදත් අවතැන් කදවුරැ වල දුක් විදින දමිල ජනයා ගැනත් රතනට හාමුදුරැවන්ට වගකීම භාර ගත හැකිද..?? අංගුලිමාලටත් සමාව දී යහ මගට ගත් බුදුන් වහන්සේගේම මග යනවැයි කියන මෙ තක්කඩි රැළ රටක් වශයෙන් අපව U turn එකක් ගස්සවා ආපසු හරවනවා නියතය. ලෝකයා ගැන සිංහලෙන් ගතු කියමින් මෝඩ ගැමියන් ඉදිරියේ පොරවල් වන මෙකි පිරිස් නිතීය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකමි විසිකර දමමින් මෙ පාර කපන්නේ අඑත් මියන්මාරයටය. දෙමල මිනිසාට දෙමලෙන්ම බනින අලුත් සිංහල රජෙක් මොකටද....???
තම වාසි මත පන්සල් වලින් ගිණි අවි මතු කර ගන්නා, විපක්ෂ හිමිවරැ ත්‍රස්ත ලෝගු අන්දවා සිර ගත කරනා, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටි මාධ්‍යවෙදීන් අතුරැදහන් කරනා, ඉදිරි දැක්මක්, දැණුමක් ඇති නායකයෙක් වෙනුවට පවුල්වාදය නඩත්තු කරන්නා වු රජෙක් මෙ බුද්ධිමත් ජනතාව සොයාගෙන ඇත. බටහිර කුමන්ත්‍රණ ගැන නන්දොඩවන හරක් රැළ ඊට පිටුපසින් වැටි ඇත.

ලෝකය digital බව නොදන්නා මෙ තොත්ත බබාලා බටහිර කුමන්ත්‍රණ ගැන ගිරිය යටන් කෑ මොර දෙති. එන්න එන්නම බටහිර ණය බරින් මිරිකෙමින් පපඩමි විතරක් නිෂ්පාදනය කරන ජාතියක් වශයෙන් බොරැ විකාර වාග් මාලාව වලින් විතරක් කෙසේ හෝ ඇදගෙන යන ආණ්ඩු රටකට අර්ථක සමිභාදක පැනවිමට විදේශ ආක්‍රමණ ගැන සිහින මවන මෝඩ නායකයන් නොදන්නේ බිංදු කිහිපයක් එහා මෙහා කල පමණින් අපේ ණය බර වැඩි වන බවයි.

තම බදු මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයන් පත් කර ගත යුත්තේ ළමයා හොද පාසලකට දමා ගැනිමට හෝ රැකියාවක් සොයා ගැනිමට වැනි පටු චෙතනාවන් පසෙකලා රටක් වශයෙන් ලෝකයක් සමග පෙරදැරිව ඉදිරියට ගමන් කල යුත්තේ කෙසේදැයි කල්පන කර ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ඔබෙ ඡන්දය භාවිතා කරන්න. අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවට අලුත් මියන්මාරයේ දොරකඩටම අප පැමිණ අවසානය. අදම අප එය පරාජය නොකලහොත් අත්වන ප්‍රතිඵල මහත් භයානක විය හැක. දැනටමත් එහි ඡායාවන් ඔබ පසුපස හඹා එමින් පවති.

~අදත් පිටපත මහින්ද මාමාගෙන්~

Read more...

වෙනදේ සහ කලයුතු දේ.














වෙනදේ සහ කලයුතු දේ.


මා විසින් පෞද්ගලිකව අත්දැකපු දෙයක් ඇසුරෙන් ඉහත කරුණ ගැන මෙම සටහන තබනවා. මෙම සිදුවීම මෙයට වර්ෂ කීපයකට පෙර මා පෞද්ගලිකව මුහුණ දුන් අත්දැකීමක්. වර්ෂය මට මතක හැටියට 1996. මාත් තවත් මිතුරන් පිරිසක් නුවර යම් කාරියක් සඳහා ගොස් එය අවසන්වී නැවත කොළඹ පැමිණීම සඳහා මහනුවර නගරයට පැමිණියා. ඒ වන විට මධ්‍යම රාත‍්‍රියට ආසන්න වී තිබු අතර කොළඹට පැමිණීම සඳහා බස් රථ තිබුණේ නැහැ. එම නිසා අප නුවර දුම්රිය ස්ථානයට පැමිණ කොළඹ බලා එන දුම්රියක් ගැන විමසූ විට බදුල්ලේ සිට කොළඹ බලා එන දුම්රිය රාත‍්‍රී 1.30 ට පමණ නුවරට පැමිණෙන බව දැන ගන්නට ලැබිණි. ගමන් වෙහෙස නිසා මාගේ සගයන් නුවර දුම්රිය ස්ථානය ඉදිරියේ කොරිඩෝවේ වාඞී වූ අතර ඇතමුන් නිදා ගත්තායැයි කියුවොත් නිවැරදියි. දුම්රිය ස්ථානයට ඇතුළු වීමට ඒ වන විට ගේට්ටු විවෘත කර තිබුනේ නැහැ. ඒ අවස්ථාවේ මා දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇවිදිමින් සිටි අතර එම ස්ථානයට පැමිණි කාරයකින් අවු:15-16 පමණ තරුණියක් බස්සවා එම රථය පිටව යනු මට මතකය. ඇය මෙහෙකාර සේවයේ නියුතු දෙමළ තරුණියක් බව ඇය දෙස බැලූ විට මට වැටහුණි. ඇය දුම්රිය ස්ථානය තුලට ඇතූලූවන ගේට්ටුව සමීපයේ නුහුරු ගතියකින් සහ භයෙන් මෙන් ඉද ගන්නා අයුරු මට හොදට මතකයි. මේ වන විට මෙම ස්ථානයේ සෙනඟ 100 ක් පමණ සිටි අතර ඔවුන් අතර ද්‍රවිඩ ජාතික පිරිස්ද විය. ටික වේලාවකට පසු යම් ශබ්දයක් දුම්රිය ස්ථානයට ඇතුලූ වන ස්ථානයෙන් ඇසූනු අතර මාත් ඒ වන විට මා සමඟ සිටි මිතුරෙක් එම ස්ථානයට ගොස් එය විමසා බැලීය. දුම්රිය සේවකයන් යැයි සිතිය හැකි කීප දෙනෙක් සමඟ තරුණයෙක් යම් ආරාවුලක පැටලී සිටින බව අපට දැක ගන්නට ලැබුණි. මට මේ වන විට එම තරුණයාගේ මුහුණ මතක නැති අතර ඔහු ඉතා කෙසඟ, මුහුනේ යම් පමණකට රැුවුල ටිකක් වැවී තිබූ ගමන් බෑගයක් ඇතිව සිටි බව මතකය. මම ඔහුගෙන් එම ආරවුලට හේතුව විමසූ අතර ඔහු පැවසූ වේ, මා පෙර සඳහන් කළ තරුණිය බලහත්කාරයෙන් දුම්රිය ස්ථානය තුලට ගැනීමට එහි සේවක පිරිසක් කටයුතු කර තිබේ. මේ අවස්ථාවේ එය දැක ඇති දෙමළ යුවලක් එම තරුණියට තමන් අසලට පැමිණෙන ලෙස දන්වා දුම්රිය සේවකයන්ට තම විරෝධය දක්වා ඇත. මෙහිදී පැමිණ ඇති දුම්රිය සේවකයන් අර දෙමළ මනුස්සයාට පහරදී තිබේ. මෙය දුටු මෙම තරුණයා මෙම කරුණ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති අතර දුම්රිය සේවකයන් ඔහුටද පහරදීමට උත්සාහ දැරීම මෙම අරාවුලට හේතුව බවය. මෙය දැන ගත් අපිද දුම්රිය සේවකයන්ට විරෝධය දක්වා ඔවුන් සමඟ ගැටුම්කාරී තත්වයක ඇති වුනු අතර එය ඇසී නිදා සිටි අප මිතුරන්ද එම ස්ථානයට පැමිණි අතර දුම්රිය සේවකයන් අතර ගාඞ්වරු යැයි සිතිය හැකි පිරිසක්ද පැමිණියේය. දැන් දුම්රිය ස්ථානයේ එකම කාල ගෝට්ටියකි. මෙහිදි මෙය බලා සිටි ජනතාව සියලූ දෙන එකා වන්ව දුම්රිය සේවකයන්ගේ පහත් වැඩෙට විරෝධය පල කල අතර අර දෙමල තරුණියගේ සහ මිනිසාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි සුන්දර අවස්ථාව මට කිසිදා අමතක නොවේ. ඇතැම් වයසක උදවිය පවා එම අවස්ථාවේ හැසිරුණු උද්වේගතර බව ඇදහිය නොහැක. මෙවැනි ගැටුමකදී වෙන අනිවාර්ය දේ වන ජාතිවාදය ඇවිස්සීමට දුම්රිය සේවකයන් අතර සිටි තැනැත්තෙක් ඉදිරිපත් වූ අයුරු පිලිකුල් සහගතය. ඔහු සුදුපාට යුනිපෝම් එකක් ඇද සිටි නිසා උපස්ථානාධිපතිවරයෙක් ලෙස මට සිතුණි. ඔහු ප‍්‍රකාශ කලේ ඔහුගේ පුතා වවුනියාවේදී ගැටුමකින් මිය ගොස් ඇති බවත් තමන් දෙමලූන්ට වෛරය කරන බවත්ය. එහෙත් දෙමළ තරුණිය ඇතුලට ඇද ගන්න හැදුවේ ඔය චේතනාවෙන්මද කියා අප විමසු වීට ඔහු නිශ්ශබ්ද වූ අතර එම ස්ථානයේ සිටි ජනතාවගේ විරෝධයෙන් ඔහු ගලවා ගැනීමට දුම්රිය ගාඞ් වරුන්ට ඔහුව ඉවතට රැුගෙන යාමටද සිදු විය. මිනිසුන්ගේ විරෝධය හමුවේ පහරකෑමට සිදුවන බව දුටු සේවකයන් පසු බැස ගිය අතර පසුව අප සියලූ දෙනා දුම්රිය පැමිණි පසු කොළඹ ඒමට පිටත්වූ අතර දෙමළ මිනිසා ප‍්‍රකාශ කලේ සිංහල මිනිසුන් තමාව බේරා ගත් බවය. අසාධාරණ වැඩ වලට විරුද්ධවීමට සිංහල හෝ දෙමළ බේදයක් නොතිබිය යුතු බව අප ඔහුට ප‍්‍රකාශ කරනු ලැබීය. ඉන් දින කීපයකට පසු මහනුවර දුම්රිය ස්ථානයේ තම පෙම්වතා සමඟ සිටි පාසැල් ශිෂ්‍යාවක් ඇදගෙන ගොස් දුෂණය කිරීම සම්බන්ධව දුම්රිය සේවකයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගත් පුවතක් දිනපතා පුවත්පත් වල පල විය. එය දුටු මට සිතුනේ අර තරුණයා නොසිටියා නම් අර දෙමළ තරුණියගේ ඉරණම කුමක් විය හැකිව තිබූණේද යන්නයි.
මේ සටහන කියවන ඔබට මා යොදා ඇති මාතෘකාව හා මෙම කතාව ගැලපෙන්නේ කෙසේදැයි සිතෙනු ඇති. මදක් සිතා බලන්න. අර තරුණයා තමන්ට එම අවස්ථාවේ සිදුවූ සිදුවීමට විරුද්ධවීමෙන් විය හැකි දේ ගැන සිතුවාද?, එසේ නැතිනම් එම අවස්ථාවේ තමන් කල යුතු දේ ගැන සිතුවාද?. දැන් ඔබට මම මේ අත්දැකීම සඳහන් කල හේතුව සිතා ගැනීමට හැකියි. මට එම සුන්දර මිනිසාගේ මුහුණ මේ වන විට මතක නැහැ. එහෙත් ඔහුගේ ශරීර ප‍්‍රමාණය මතකයි. ඇත්තටම ඔහු කැහැටු පුද්ගලයෙක්. අර ගාඞ්ලා එක්ක ඔහු එවැනි අවස්ථාවක ඒ විදිහේ ගැටුමක් ඇති කර ගැනීම හිතා ගන්නටත් බැහැ. විය හැකිව තිබුදේ ඔහු හොඳට පහර කෑමට ලක් වන එක. ඒත් ශරීරයෙන් නොවුනට මනසින් ඔහු යෝදයෙක්. තමන්ට වන දේ ගැන ඔහු සිතුවේ නැහැ. සිතා බලන්න උතුරේ යුද්දය ඇවිලෙන 1996 වගේ කාලෙක, ජාතිවාදය සඳහා සරු පසක් තිබෙන මොහොතක තමන්ගේ සහයට කවුරුත් නැති අවස්ථාවක ඔහු අසාධාරණයට විරුද්ධව තනීයම පෙනී සිටීම ගැන.තනීයම සටන පටන් ගැනීම ගැන. අන්න ඒකට තමයි කියන්නේ තමන්ට වෙනදේ ගැන සිතනවාට වඩා තමන් කලයුතු දේ ගැන සිතීම තමයි නියම කාර්යය කියලා. ඔහු එසේ කටයුතු කලා. ඇත්තෙන්ම ඔහු තනි වුනෙත් නැහැ. අවශ්‍ය වෙලා තිබුණේ සටන ආරම්භ කරන එක විතරයි. එවිට පිරිස එකතු වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ආරම්භය අවංකව දැනුවත්ව වෙන්නෙ ඕනේ.
ඇත්තෙන්ම ඔහු සමඟ එම සිදුවීමට පසුව කතා කරන්නවත් බැරි වුණා. ඒ සෙනඟ අතර ඔහු සැඟවිලා ගිහින් තිබුණා. ඒත් එම සිදුවීම එම තරුණයා මගේ ජීවිතයට කරපු බලපෑම විශාලයි. මිනිස්සුන්ගේ හැඟිම් හරියට හැසිරවූවොත් යහපතට යොදා ගත හැකි බව මට විශ්වාසයක් ඇති වුණ දිනය එදා. බලන්න ජාතිවාදය අවුස්සන්න හදපු වේලාවේ මිනිස්සු ඒක පිලිගත්තේ නැහැ. ඒ ජාතිවාදයෙන් වහගන්න හදපු දේ, ඔවුන් කරන්න ගිය අපරාධය මිනිස්සු දුටුවා. දුටුවා විතරක් නොවෙයි ඒකට විරුද්ධ වුනා සහ ඒ වෙනුවෙන් සටන් කරන්නත් සූදානම් වුනා.
ඉතිං අද අප ජීවත් වන සමාජයේ මේ විදිහේ අසාධාරණ වැඩ කොපමන සිදුවනවද. මේවා බල බලා ඒවට විරුද්ධ වුනොත් තමන්ට මෙහෙම වෙයි කියා නිශ්ශබ්ද ඉන්න පිරිස කොපමණද, එසේම තමන්ට වන දේ ගැන නොසිතා කල යුතු දේ ගැන සිතා කටයුතු කරන පිරිස් කොපමණද?. රටට හෙන ගැහුවත් මට මොකද කියා සිතන මිනිසුන් නිසාද සමාජය පවතින්නේ එහෙම නැත්නම් තමන්ට වෙන දේ ගැන නොසිතා රට වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන්, මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන්, කටයුතු කරන. කතා කරන, ලියන, මිනිසුන් නිසාද කියලා හිතලා බලන්න. එසේ කටයුතු කරන මිනිසුන්,ගැහැණුන් ගැන ප‍්‍රශසස්ති ගීත, වර්ණනා, සම්මාන, අගයීම් නෑ තමයි. ප‍්‍රදර්ශන වැඩ නෑ තමයි. ඒ නිසා එහෙම අය නෑ වගේ තමයි පේන්නේ. නිවරුදි දේ කරන්නට කටයුතු කලොත් තමන් තනි වෙයි කියා සිතන්න පුරුදු කරන එක තමයි අද වැඩියෙන්ම කෙරෙන්නේ. හේතුව තමයි අපි ජීවත් වන සමාජය පාලකයන් විසින් ඔවුන්ට අයිති මෙවලම් මාර්ගයෙන් ඔවුන්ට ඕනේ ආකාරයට හැසිරවීම. අත්මාර්ථකාමී, මමත්වයෙන් පිරුණු පුද්ගලයන් බිහි කරන්න දැනුවත්වම කටයුතු කරනවා.
අපේ රට සමාජය ඇත්තටම හැඩ ගැහිලා තිබුණේ මමත්වය, ආත්මාර්ථකාමීත්වයෙන්ද?. නැහැ, පුරාණයේ අපේ සමාජයේ හැම දේම හැඩනැගිිලා තිබුණේ සාමූහිකත්වය සහ පරාර්ථය මත. අපේ පැරණී ජීවන රටාව මදක් විමසා බලන්න. අනෙකා වෙනුවෙන් තමන් කටයුතු කල යුතු බව නේද එහි ගැබ් වෙලා තිබුණේ. ඉතිං අපි නවීන දේ සමාජයේ සංවර්ධනයට යොදා ගන්නා අතරම පුරාණ හොඳ දේ අමතක කරන්න ඕනෙද. අද ඔබ අවට දේශපේ‍්‍රමය, ජාති ආලය, ගැන කතා කරන පාලකයන් මේ කරුණු ගැන ඇයි කතා කරන්නේ නැත්තේ. ඔව්. ඔවුන් දන්නවා මේවැනි කරුණු සමාජය අවබෝධ කර ගත්තොත් ඔවුන්ගේ තක්කඩිකම් සමාජය අවබෝධ කර ගන්නා බව. ඔවුන්ගේ හොරකම්, දුෂණ,වංචා, මර්දනයන්ට සමාජය විරුද්ධ වන බව සහ සමාජය එවැනි මර්දනයන්ට බිය නොවන බව. අන්න ඒ නිසා තමයි පාලකයෝ අත්මාර්ථකාමී,මමත්වයෙන් පිරුණු සමාජයක් බිහි කරන්න උත්සාහ කරන්නේ. පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියාවන්ට විරුද්ධ වුනොත් උඹලාට වෙන්නේ මේකයි, ඒ නිසා නොදැක්ක වගේ හිටපල්ලාඬඬ කියලා මතයක් හදලා ඔබව බය කරන්නේ. ඔබට වෙනදේ ගැන පමණක් සිතන්න සහ කල යුතු දේ ගැන නොසිතන්න හුරු කරන්නේ.
ඇත්තටම වඩා වැදගත් තමන්ට වෙන දේද, තමන් කලයුතුදේද, තමන් කල යුතු දේ අවශ්‍ය මොහොතේ ඉටු කෙරූ විට ප‍්‍රතිඵලය වෙනස් වන බව ඉහත සිදුවීම මගින් හොඳින් පැහැදිලියි. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, අයිතීන් අහිමි කරලා,වංචාව,දුෂණය, හොරකම නීති ගත කරලා තියෙන රටකට වෙනදේත් හිතන්න. ඒ වගේම එවැනි රටක පුරවැසියන් වශයෙන් කල යුතුදෙත් හිතන්න. හැබැයි ඉතින් හිත හිත ඉදලා විතරක් මදී. කල යුතු දේ කල යුතු මොහොතකයි අපි ඉන්නේ.
ඉතිං වෙනදේ ගැන විතරක් හිතමුද, කල යුතු දේ කරමුද?

---- මේඝ

Read more...

අපි කුමක් කළෙමුද?

>> Thursday, April 1, 2010

















අපි කුමක් කළෙමුද?


කලුතර පාලමට උඩින් ගඟට විසි වුණු අමිල සඳරුවන් පුතුගේ සප්‍රාණික නිසල සිරුර දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වයර්වලට අමුණා තිබිණි. වෛද්‍යවරු, හෙදියෝ ඔහුගේ පණ නල රැක ගැනීමට අපමණ වෙහෙසක් දැරූහ. ඔවුහු අසාර්ථක වූහ.

ඔවුහු මරණයේ ‍මෝය කටින් මුහුදට ගසා ගෙන යමින් සිටි පුතුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළහ. ඔහුට පෙවී තිබූ කසල සේදී අපවිත්‍ර වූ ගඟ දිය ඔහුගේ සිරුර තුළින් එළියට ගැනීමට තැත් දැරූහ.

අපි ද ඒ වෛද්‍යවරුන් හා හෙදියන් මෙන් නොවෙමුද? ඔවුහු මරණයට එදිරිව සටන් කළහ. අපිද එසේ නොකරන්නෙමුද? නාසය මිරිකා හෝ අවසන් හුස්ම පොද පිට වන්නට නොදී රැක ගැනීමට තැත් කරමු.

එහෙත්.... අපි ජීවිතය වෙනුවෙන් කුමක් කරමුද?

සඳරුවන් පුතු මරණය වෙත යන ගමන ඇරඹුවේ කලුතර ග‍ඟෙන් නොවේ. කිරිපිටිවලට අලුතින් බද්දක් පනවන විට ඔහු මරණය වෙත පියවරක් තැබීය. වී මෝල් හිමියන් කිහිප දෙනකුගේ ගතමනාව වෙනුවෙන් වෙළඳපොළ තුළ විකෘතියක් ඇති කරන විට ඔහු මරණය වෙත පියවරක් තැබීය. මිනිසුන් සතු විය යුතු නිදහස අහිමි කෙරෙන විට ඔහු මරණය වෙත පියවරක් තැබීය.

දස මසක් කුස දරා, කිරි පොවා, සුරතල් බලා අවසන ‍පාලමට උඩින් ගඟට විසි කරන්නට තරම් අම්මා කෙනෙකු කෲර වීම සරල නැත. එය මිනී මැරුමක් නොවේ. අම්මාවරුන් සිටින්නේ දරුවන් මරා දැමීමට නොව දරුවන් ඉපැද්දීමටය. එබඳු අම්මා කෙනෙකු තම දරුවා මරා දමන අයකු බවට පත්වීම, ඇගේ මනස කෲර වීම ඇගේ වරදක් නොවේ. ඇයට ජීවත් වන්නට සිදු ව තිබෙන්නේ එබඳු සමාජයක නම්, ඇය එබඳු තත්වයකට පත්වීම ගැන ඇය තනිව වග කියන්නේ කෙ‍ෙස්ද?

අපි ජීවිතය වෙනුවෙන් කුමක් කරමින් සිටිමුද? සඳරුවන් දරුවා මව් ඇකයේ රඳවා තැබීමට අපි කුමක් කළෙමුද? කුමක් කරමුද?


-- SNIPER

Read more...

කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය

>> Wednesday, March 17, 2010












කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය


නස්රැදීන්ගේ කතා පෙලෙහි එන එක් කතාවක් මෙසේය.

දිනක් අලසකමින් කඩමණ්ඩිය දෙසට පැමිණි නස්රැදින් කඩමණ්ඩියේ සතුටින් සිටි පිරිස දැක පොඩි ආතල් එකක් ගත යුතු යැයි සිතා එකෙකුට කතා කොට
'අන්න අතන හංදියේ කටිටියක් ඇවිත් නොමිලේ තෑගි බෙදනවා' යැයි පැවසුවෙය. ඔහු අනෙකුන් සමග ඒ පැත්තට දිව ගියේය. යන මග අනෙක් උන්ටද මෙ කතාව පවසා උන්ද ඒ දෙසට දිවිවෝය. දැං නස්රැදින්ට මාර ආතල්ය. ටික මොහොතකින් මුලු ගමක්ම හංදිය පැත්තට දුවනා නස්රෑදින් දුටුවෙය. අවසන ඇත්තටම හංදියේ මොනවා හරි බෙදනවාද දන්නේ නැතැයි සිතු නස්රෑදීන්ද ඒ පැත්තට දිව ගියේය.

අද විරවංශ මැතිතුමාටද සිදු වි ඇත්තේ මෙයමය. බටහිර කුමන්ත්‍රණ, යුධ පාලන ඇති කිරිම, ජාතික චින්තනය වැනි තමන් විසින් රට පුරා ප්‍රචාරය කරන ලද බොරැ ප්‍රචාරයන්, ඇත්ත යැයි හෙමතෙමම දැං විශ්වාස කරයි. තානාතිපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝශණ පවත්වයි. චමිපකගෙන් උදුරා ගත් ජාතික්වය නිසා තමා මවිබිමෙ ආරක්ෂකයා ලෙස හුවා දක්වයි. මහාරජාගෙන් ලකුණු ගැන්මට තම බිරිදගේ බැගයක් තුල ආණ්ඩුවෙන් දුන් මුදල් දමාගෙන විත් ජාතික නාලිකාවෙන් රටටම පෙන්වයි. පොත් අචිචු ගසයි. සංවිධානයකින් ඉවත් වු විට මිනිසෙක් කෙතරමි හිස් වෙද...?? ඒ හිස්කම මකා ගැනිමට මොනතරමි කරනමි ගැසිමට සිදු වි ඇත්ද..??

communication එකකින් ජිවත් වු මිනිසෙක් හදිසියේම මිලියන ගණනක් වටිනා මාලිගාවක් නිර්මාණය කරයි. කොළඹ දිස්ත්‍රක්කය පුරාම පොස්ටර් කටවුටි වලින් සරසයි. විප්ලවීය සංවිධානයක සිට පිටතට පැමිණි විගසම ඔහුට ඉල්ලමක් පෑදී ඇති සේය. මෙ අතදිග හැර වියදමි කරන්නේ බටහිර ඩොලස්වත්ද??

විරවංශ චමිපකගෙනුත්, චමිපක නලින්ගෙනුත් සොරා ගත් ජාතික මතවාදයක් හිස මුදුනත තබාගෙන විරවංශ තම හැව ලෑවෙය. වයස නිසා මොලේ වැඩ නොකරන හින්දාදෝ මංදා දොස්තර අමරසේකරද විරවංශට සෙටි විය. ජාතික (සිංහළ) මතවාදයක් දරණ මෙ තුන් කටිටුව ද (නලින්, චමිපක, විරවංශ) එකිනෙකාට විරැද්ධය. මෙ නියම සිංහල මොඩලයයි. දැං මෙ තිදෙනාට මරන් කන්නට දෙමලෙක් (ප්‍රභාකරන් කෙනෙක්) නැත. කෑමට ඇති එකම දේ ජාතිකත්යයි. දැං විරවංශ ඉදිරියෙන්ම එය තලු මරමින් අනුභව කර සිටියි. රට බෙරා ගන් ජනරාල්වරයි සිරේ සිටිත්දි, හමුදා නිළධාරීන් අනිවාර්ය නිවාඩු යවද්දී. ආබාධිත සෙබලුන් හට රැකවරණයක් නැතිව ඇති කලත් ඒ සියල්ල පසේක ලා තමන් මවිබිමෙ ආරක්ෂකයා යැයි කියා ගනිමින් දිවා රෑ නැතුව තප්පුලයි. යුරෝපය වැනි රටක විරවංශ මැතිතුමා උන්නා නමි අනිවාර්යෙන්ම එතුමා මෙ වන විට ඇත්තේ මානසික ව්‍යාධින්ගෙන් පෙළෙන රෝගීන් සදහා නිමවු මානසික රෝහලකය. (මෙයද බටහිර කුමන්ත්‍රණයක් යැයි ඔහු විසින් වර නැගිම මෝඩකම මිස අන් කවරක්ද??) අද දින ලාංකික මතවාදය යනු විරවංශගේ මනෝ විකාරය. කායික රෝග මෙන් මානසික රෝග බෝ නොවෙතැයි සිතුවද සමහර මානසික ව්‍යාධීන් එලෙස බෝ වන සුඑ ය. මුතුහෙටිගම මන්ත්‍රීතුමාට ඇරෙන්නට අනෙක් කිසිදු මැති ඇමතිවරයෙකුට මානසික රෝගයන් නැතැයි වෛද්‍ය වාර්ථා නැත. මෙ කෙළින පිස්සුවෙ තරම දුටු විට දැං එය අනිවාර්යය කිරිමට කාළයයි. එවිට පාර්ලිමෙන්තු යෑමට පිරිසක් වෙනත් රටකින් හෝ ගෙන්විමට එවිට සිදුවනු ඇත.

ලාංකීය ඉතිහාසයේ දුෂිතම ජනාධිපතිවරණයට මහරජාණන්ගේ පාඨය වුයේ කළගුණ සළකමුයි යන්නයි. ඉතිං තෙවරක්ම මරණය අභියසට ම ගොස් නැවත් ජිවත් විමට වාසනාව ලද ජෙනරාල්වරයා පසෙකලා කටින් යුද්ධ කල මහරජාව බහුතර කැමැත්ත මත (ආණ්ඩු පක්ෂපාති ජනමාධ්‍ය සහ මැ.කෝ. කියනා පරිදි, අපි නෙවෙයි) නව ජනාධිපති ලෙස පත්විය. දැං ඔබට රජෙක් ඇත. අඩුව ඇත්තේ රාජාණ්ඩුවෙය. එය ලබන මස වි‍සදේවි. කළ හොද පස්සෙන් පන්නන්න ගන්නේ ඉන් පසුවය. දැනට අනුන් විසින් දැක්වු කල හොද හේතුවෙන් විපක්ෂයේ අපේක්ෂකයා සිර ගත කොට ඇත. විපක්ෂ පත්තර සිල් තැබුවෙය. පත්තර කතෘවරැන් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ කළගුණ නොසැළකු නිසාය. කළගුණ සැළකු දනන් හට අප්‍රේල් 10 වැනිදායින් පසු කල හොද පස්සෙන් පන්නන්න ගනිවි. කළගුණ සැළකු පසු දැං ඇත්තේ යුතුකමි ඉටුකිරිමෙ කාළයයි. සුනඛයෙක් සේ අරලිය ගහ මැදුර මුරකර, අති උත්තම මහරජාණන් වහන්සේට ශක්තියන් වු නිසාවෙන් ම යුතුකමි ඉටුකල යුතු කාළයයි. මහජන දේපල වලින් සිටු මැදුරැ තනනවාට යුතුකමි ඉටු කල යුතු කාළයයි. ජනතාව ගොනාට අන්දවා රවටන නිසා ඒ සදහා යුතුකමි ඉටුකළ යුතු කාළයයි. මහජන බදු මුදලින් පවුල් පිටින් රට සවාරි යෑමට යුතුකමි ඉටුකළ යුතු කාළයයි.
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැන්මට නොහැකි යැයි ජනවහරේ කියමනක් ඇත. ඡන්දය භාවිතා කරන තමුන් තරමිවත් උගත්කමක් නැති වංචනිකයන් හදුනාගෙන එම වංචනික සංධාන පැරදිවිම සදහා යුතුකමි මනාපය භාවිතා කල යුතු කාළයයි එළඹෙමින් ඇත.

~අදත් පිටපත මහින්ද මාමාගෙන්~

Read more...

දමා ගනිමුද අපිත් ස්වයං වාරණ?




















ස්වයං වාරණ යනු කුමක්ද? ඒ ගැන කෙටියෙන් සඳහන් කරන්නේ නම් විවිධ කර්තව්‍යන් සම්බන්ධයෙන් තමන් විසින් තමන්ටම පනවා ගන්නා වාරණයන්ය. මෙසේ ස්වයං වාරණ දමා ගනු ලබන්නේ, තම කටයුතු නිසා යම් අගතියක් සමාජයට හෝ තමාට සිදු වන විට, එල්ල වන තර්ජන හා බලපෑම්වලින් බේරීමට, ලැබෙන්නා වූ වරප‍්‍රසාද හා තාන්න මාන්න, විවිධ වාසි නොලැබෙන්නේ නම් හෝ නොලැබීමට ඉඩ ඇත්නම් දමා ගන්නා වාරණයන්ය. මෙවැනි ස්වයංවාරණ පනවා ගැනීම් අද ලෝකයේ බොහෝ ක්‍ෂේත‍්‍රයන්ගේ දක්නට ලැබේ.
ලංකාවේ අපිට මෙම තත්වය අත්දැකීමට මේ වන විට ඉතා හොඳ අවස්ථාවක් පෑදී ඇත.අද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය තුල ජීවත් වන මනුස්සයන් නම් සත්ව කොට්ඨාශයේ සිට විවිධ ක්‍ෂේත‍්‍ර තුල මෙය මනාව විද්‍යාමාන වේ. තමන්ගේ අයිතීන් ඇස් පනාපිට නැති කරන විට. පැහැර ගන්නා විට, තමන්ට සත්‍ය තොරතුරු නොලැබී බොරු තොරතුරුවලින් අන්දන කොට, තම රටේ සම්පත් වංචාව, දුෂණය හොරකම මගින් පැහර ගන්නා විට, අසල්වැසියාට, ඥාතියාට පහර දෙන විට පහරදී මරා දමන විට, ජීවත් වීමට, ඉගෙනගැනීමට, ගැලපෙන රැුකියාවක් කිරීමට, හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට ඇති අයිතිය අහිමි කරන කොට සහ ඡුන්දය ඉල්ලීමට තියා සමාජයේ ජීවත්වීමටවත් ඉඩ නොදීය යුතු දඩුවම් ලබා දිය යුතු හොරු රැුලක් තමන්ගේ ඡුන්දය කොල්ල කන්න හදන කොට අද බොහෝ දෙනෙක් කතා කලොත් කියන්නේ කුමක්ද? ‘‘ ඕවා ගැන කතා කලොත් අපිටත් ඒ ටික තමයි. අපි හොයා ගත්තොත් අපි කනවා’’ යන පාඨයය. මෙය කියවන ඔබත් එසේ පවසා තිබෙන්නට පුලූවන් හෝ එසේ දහස් වාරයක් පුද්ගලයන් ප‍්‍රකාශ කරනවා අසා තිබෙන්නට ඇත. තමන්ට සිදුවන අසාධාරණය දැක දැක ඇස් කන් මුව වසා සිටින ස්වයං වාරණයක් ලෝකයේ තවත් තියෙනවාද?
මේ ස්වයං වාරණ තත්වය හොඳින්ම වටහා ගත හැකි, දැක ගත හැකි ක්‍ෂේත‍්‍රයක් අප අසලම තිබේ.ඒ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුලය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් මේ තත්වය ඉතා පැහැදිලිය. එය ඔබ මේ වන තෙක් දැක්කාද?. දැැක්ක දේ තේරුම් ගත්තාද යන පැනය ඔබගෙන්ම ඇසීය යුතුය. මදක් විමසා බලන්න. පසු ගිය ජනාධිපතිවරණයට පෙර පාලකයන් සම්බන්ධ විවිධ විවේචනයන්, ඔවුන්ගේ දුෂණයන්, වංචාවන්, අසමත්කම් ඉදිරිපත් කල මාධ්‍ය අද ඉන්න තැන.ඇතමුන් මේ වන විට යූ ටර්න් ගෙන ඇති අතර ඇතමුන් ජාමේ බේරා ගැනීමට කටයුතු කරනු ලබති. හොඳම උදාහරණය යම් රැුඩිකල් බවක් පෙන්වා ගෙන කටයුතු කල වෙබ් අඩවි. මේවා පසු ගිය කාලයේ පාලක පන්තියේ කටයුතු ගැන දැඩි විවේචනයක් එල්ල කරන ලදී. එහෙත් ජනාධිපතිවරණය අවසානයේ ආණ්ඩුව විසින් මුදා හල මර්දනය තමන්ටද එල්ල වේ යැයි සිතා තමන් විසින්ම ස්වෙච්ඡුාවෙන්ම බියවී අද ඔවුන් පාලක පන්තිය අමතක කර විපක්ෂය විවේචනය කරති. එම වෙබ් අඩවි අද බලන විට සිතෙන්නේ ලංකාවේ පාලක පන්තියක් නැති බව සහ සිටින්නේ විපක්ෂයක් පමණක් බවය. අවශ්‍ය තැන විවේචනය ඉදිරිපත් කිරීම හොඳ දෙයක් හා හොඳ තත්වයකි. එහෙත් එය අවංකව සිදු විය යුතුය. තමන්ගේ ප‍්‍රගතිශීලී බව හා රැුඩිකල් බවත් ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ උදහසටත් ලක් නොවී කටයුතු කිරීමට උත්සාහ දැරීම නම් වංචාවකි. එක් අවස්ථාවක දෙතැනක පය තබා සිටීමට උත්සාහ කරන කපටි වැඩකි. තම වාසිය තකා ස්වයංවාරණයක් පනවා ගැනීමකී. එම වෙබ් අඩවි දැන් නොකියා කියන්නේ කුමක්ද අපිට ආණ්ඩුව සමඟ ප‍්‍රශ්ණයක් නැත. අප ආණ්ඩුව දෙස බලන්නේවත් නැත, යන්න නොවේද.?

අනෙක් මාධ්‍ය තත්වය ගන්නටම දෙයක් නැත. ලංකාවේ විද්‍යුත් වේවා, මුද්‍රිත වේවා මාධ්‍ය ආයතන බොහොමයක් අයත්ව ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසකටය. ඇත්තටම ලෝකයේම තත්වය මෙයයි. එම නිසා මෙම මාධ්‍ය තම අයිතිකරුවන්ගේ අභිලාෂයන් හා අරමුණු අනුව කටයුතු කල යුතුය. එම අයිතිකරුවන්ව පාලනය කිරීමට ආණ්ඩුවලට හැකියාව ඇත. ඔවුන්ගේ නීත්‍යානුකූල නොවන ව්‍යාපාරික ගණුදෙනු, බදු, රජය සමඟ පවතින ව්‍යාපාරික ගිවිසුම් හා වංචා දුෂණ සම්න්ධ පරීක්ෂණ මගින් හෝ විවිධ වරප‍්‍රසාද හා හිතවත්කම් මාර්ගයෙන් පාලකයන් මෙම ව්‍යාපාරිකයන් පාලනය කර ගනු ලබයි. එම ව්‍යාපාරිකයන් පාලකයන්ට අවශ්‍ය ආකාරයට තම මාධ්‍ය පාලනය කරනු ලබයි. ස්වයංවාරණ දමා ගනියි.

මෙම මාධ්‍ය ආයතන තුල කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ තත්වයන් කොහොමද?. තම ආයතනවල අයිතිකරුවන්ගේ බලපෑම් එල්ල වීමට පෙරම ස්වයංවාරණ පනවා ගන්නා අය අද වැඩි වශයෙන්ම දැකිය හැක. අද මත්පැන් බෝතලයකට පවා තම යුතුකම අමතක කරන මාධ්‍යවේදීන් ගැන ක්‍ෂේත‍්‍රය තුල විවිධ කතා බහ ඇත. ඇත්තටම ඔවුන් මාධ්‍යවේදීන්ද යන ප‍්‍රශ්ණයද පැන නගී. එසේම හිතවත්කම් මත, වරප‍්‍රසාද හා තමන්ට ලැබෙන් වාසි නිසා තම වගකීම පැහැර හරිමින් මාධ්‍ය ගෞරවය කෙලසන කී දෙනෙක් අද ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුල සිටිනවාද?. වරප‍්‍රසාදවලට ගිජුවී තමන් විසින්ම ස්වයං වාරණ දමා ගන්නා අයුරු කොපමණ දැකිය හැකිද.

මෙම තත්වයන්ට අමතරව පාලකයන්ගේ මර්දනයට ලක්වී හෝ ලක්වේයැයි බිය නිසා ස්වයං වාරණ දමා ගන්නා පිරිසද විශාලය. ඔවුන් ස්වේච්ඡුාවෙන්ම බිය වී මෙම ස්වයං වාරණයට ගොදුරු වී ඇත. තම සහෝදර මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට, කම්කරුවන්ට, ප‍්‍රගතිශීලීන්ට, ශිෂ්‍යයන්ට, දෙමල ජනතාවට සිදුවන අසාධාරණකම් දැක දැක ඔවුන් තම වාරණ සීමාව තුල කටයුතු කරමින් ජාම බේරා ගැනීමට උත්සාහ දරන අයුරු දකින විට කනගාටුදායකය.

මෙම තත්වයට විරුද්ධය කටයුතු කරන, ස්වයං වාරණ පනවා නොගෙන තම යුතුකම වෙනුවෙන් පෙනී සිටින නිර්භයව ලියන සහ කියන මාධ්‍යවේදීන් අතලොස්සක් හා මාධ්‍ය කීපයක් දක්නට ඇත. එසේම ඔවුන්ට හා එම ආයතනවලට වට කර ගෙන පහර දෙන අයුරුද දැකිය හැක. එහෙත් නොසැලී කටයුතු කිරීමට ඔවුන් දරන වෑයම ද ප‍්‍රශංසනීයය. එසේම අනෙක් ක්‍ෂේත‍්‍ර තුලද මෙය දැකිය හැක. අසාධාරණය විරුද්ධව නැගෙන හඩ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි කිරීමට විරුද්ධව නැගෙන හඩ නැවතී නැත. එය නවතා දැමීයද නොහැක. එහෙත් ඒ හඩ මේ මොහොතේ ප‍්‍රමාණවත් නැත. එය මෙයට වඩා උස් කළ යුතුය. එම හඩට තවත් තීව‍්‍රෘ කල යුතුය.
මේ උදාවී ඇති මොහොත ස්වයං වාරන පනවාගෙන ඉන්න හැකි කාලයක්දැයි මදක් විමසා බලන්න. අනෙකාට කෙලවුනත් කමක් නැත යනුවෙන් සීතා ගන කටයුතු කල හැකිද. අපිටත් අනිවාර්යෙන්ම කෙලවෙන්නට නියමිතයි නේද. තවත් අපි වැනෙනවාද? අපේ අයිතීන් උදුරා ගන්නා විට ඒ පැහැර ගන්නේ මගේ අයිතීන් කියා මගේ කොටස වෙන් කර ගන්නට හැකි සමාජයකද අපි ඉන්න කියා විමසා බලමුද? තම ඉඩමෙන් එක බිම් අගලක් අල්ලා ගෙන අසල්වැසියා වැටක් ගැසුවොත් මරා ගන්නා අපි අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරා ගන්නකොට, අපේ රටේ සම්පත් හොරකම් කර මින් තම පවුල් තර කරන කොට නිකම්ම ස්වයංවාරණ දමා ගෙන ඉන්නවාද? මදක් සිතන්න. ඔබේ ඉඩමෙන් කොටසක් වෙනත් කෙනෙක් අයිති කර ගන්න ගියොත් ඔබ මේ ආකාරයට කටයුතු කරනවාද. එහෙනම් සිතන්න. මේ ඔබේ ඉඩම හෝ ඔබට අයිති දේපලක් තරම් සුළු දෙයක් නෙමෙයි. මේ අපේ රටයි. අපේ ¥දරුවන්, මුණුබුරු මිනිපිරියන් අනාගතයේ ජීවත් වන රටයි. මොනවා වුනත් කමක් නැහැ කියා අපිට මග හරින්න බැරි ඒ නිසයි. මොකද කවදා හරි අපිට හරි අපේ දරුවන්ට හරි මේ ඉරණමට මුහුණ දීමට සිදු වන බව ඒකාන්තයි. මේ ඉරණම, මේ සෝචණීය තත්වය අපිට දැන් උරුම වෙමින් යන්නේ. එයින් මිදීමට කාටවත් බැහැ. එකම විසඳුම අපිට පටවා තිබෙන හා පටවමින් තියෙන ඒ කාලකණ්ණි ඉරණම වෙනස් කිරීමයි.

ඉතිං අපි තවත් ස්වයං වාරණ තුල ජීවත් විය යුතුද?. ජීවත් විය හැකිද? ඇත්තටම බැහැ. බොරුවට හිත රවටා ගැනීමට හෝ හිත සනසා ගැනීමට, වගකීම්වලින් මීදීමට මාර්ගයක් ලෙස ස්වයං වාරණ පනවා ගෙන ජීවත්වීමට හැක්කේ ඉතා ටික කාලයටයි. වැනි වැනී සිටීම දැන් කාලය නොවේ. නිවැරදිව නොවැනි දෙපයින් නැගී සිට වැනෙන පිරිසගේ වැනීම ද නතර කිරීමට දැන් අවස්ථාව පැමිණ තිබෙන්නේ. එය මඟ හැරිය නොහැකි සත්‍යයක්. ඉතිං ස්වයංවාරණයට වාරණයක් දැමීමට දැන් කාලය පැමිණ ඇති බව සිතන්න. ‘කාලෝ අයං තේ’

ඉතිං අපි ස්වයංවාරණවලට ආයුබෝවන් කියමුද?

-----මේඝ


Read more...

  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP