බුද්ධිමත් ජනතාවණි අවදිවවි...!!!

>> Friday, April 2, 2010



















බුද්ධිමත් ජනතාවණි අවදිවවි...!!!


මෙ කාට නමි අපි අඩ ගසමුද..?? එහෙම බුද්ධිමත් ජනායා තවත් මෙහි ඇත්ද..?? ඇස් කන් පියාගෙන රජයේ අත්තනෝමතික ගමනට ඉඩ දී තම ගෙල සියතින්ම සිර කර ගන්නා අමන රැළක් ඇරෙන්න අපට බුද්ධිමත් යැයි ජන කොටසක් තවත් ඉතිරිව ඇත්ද...??

තම දරැවන් ගගට විසි කරන මවිවරැ සිටින බෞද්ධ රටක, එළිපිට මිනිසුන් පැහැරගෙන යන බෞද්ධ රටක, ජනතා මුදල් කිසිදු බියක් සැකක් ලැජ්ජාවක් නැතිව සොරා කන බෞද්ධ රටක, බලය වෙනුවෙන් බුද්ධ පුත්‍රයන් ගතු කියා ගන්නා බෞද්ධ රටක, ස්ත්‍රි දුෂකයන් පාර්ලිමෙන්තු යන බෞද්ධ රටක, නඩු තීන්දු කල් දමමින් මග හැර යමින් සිටින විනිසුරැවන් සිටින බෞද්ධ රටක අපි කාගෙන්නමි යුක්තිය ඉල්ලා සිටිමුද...??
බඩගොස්තරවාදි ජාතිවාදී බැටලු හමක් ඇද ගත් නරීන්රැළ සුද්දන් සොයා ගත් මුද්‍රණ යන්ත්‍රයෙන්ම සුද්දන්ට බනිමින් පොත් කදු ගොඩ ගසති. බුදුන් මහා ඉහළින් වෙන්දේසි කර පාර්ලිමෙන්තුවට වඩිති. මාවිල් ආරැ සටන පටන් ගත්තේ තමන් යැයි කියමින් බුද්ධ පුත්‍රයන් වාර්ථා වැඩසටහන් නිපදවා ගනිති. මැරැණු LTTE සාමාජිකයන් 25,000 ත්, හමුදා සෙබලුන් 5,000ත් තුවාල ලැබු සිවිල් ජනතාවගේ ජිවිත වලට, අදත් අවතැන් කදවුරැ වල දුක් විදින දමිල ජනයා ගැනත් රතනට හාමුදුරැවන්ට වගකීම භාර ගත හැකිද..?? අංගුලිමාලටත් සමාව දී යහ මගට ගත් බුදුන් වහන්සේගේම මග යනවැයි කියන මෙ තක්කඩි රැළ රටක් වශයෙන් අපව U turn එකක් ගස්සවා ආපසු හරවනවා නියතය. ලෝකයා ගැන සිංහලෙන් ගතු කියමින් මෝඩ ගැමියන් ඉදිරියේ පොරවල් වන මෙකි පිරිස් නිතීය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකමි විසිකර දමමින් මෙ පාර කපන්නේ අඑත් මියන්මාරයටය. දෙමල මිනිසාට දෙමලෙන්ම බනින අලුත් සිංහල රජෙක් මොකටද....???
තම වාසි මත පන්සල් වලින් ගිණි අවි මතු කර ගන්නා, විපක්ෂ හිමිවරැ ත්‍රස්ත ලෝගු අන්දවා සිර ගත කරනා, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටි මාධ්‍යවෙදීන් අතුරැදහන් කරනා, ඉදිරි දැක්මක්, දැණුමක් ඇති නායකයෙක් වෙනුවට පවුල්වාදය නඩත්තු කරන්නා වු රජෙක් මෙ බුද්ධිමත් ජනතාව සොයාගෙන ඇත. බටහිර කුමන්ත්‍රණ ගැන නන්දොඩවන හරක් රැළ ඊට පිටුපසින් වැටි ඇත.

ලෝකය digital බව නොදන්නා මෙ තොත්ත බබාලා බටහිර කුමන්ත්‍රණ ගැන ගිරිය යටන් කෑ මොර දෙති. එන්න එන්නම බටහිර ණය බරින් මිරිකෙමින් පපඩමි විතරක් නිෂ්පාදනය කරන ජාතියක් වශයෙන් බොරැ විකාර වාග් මාලාව වලින් විතරක් කෙසේ හෝ ඇදගෙන යන ආණ්ඩු රටකට අර්ථක සමිභාදක පැනවිමට විදේශ ආක්‍රමණ ගැන සිහින මවන මෝඩ නායකයන් නොදන්නේ බිංදු කිහිපයක් එහා මෙහා කල පමණින් අපේ ණය බර වැඩි වන බවයි.

තම බදු මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයන් පත් කර ගත යුත්තේ ළමයා හොද පාසලකට දමා ගැනිමට හෝ රැකියාවක් සොයා ගැනිමට වැනි පටු චෙතනාවන් පසෙකලා රටක් වශයෙන් ලෝකයක් සමග පෙරදැරිව ඉදිරියට ගමන් කල යුත්තේ කෙසේදැයි කල්පන කර ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ඔබෙ ඡන්දය භාවිතා කරන්න. අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවට අලුත් මියන්මාරයේ දොරකඩටම අප පැමිණ අවසානය. අදම අප එය පරාජය නොකලහොත් අත්වන ප්‍රතිඵල මහත් භයානක විය හැක. දැනටමත් එහි ඡායාවන් ඔබ පසුපස හඹා එමින් පවති.

~අදත් පිටපත මහින්ද මාමාගෙන්~

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP